සුගියදා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක තනතුරුවලින් ඉවත් කළ ආසන සංවිධායකයන් ‘අපේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ‘ ආසන සංවිධයකයින් ලෙස පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙන බව වාර්තා වේ.
එහි පළමු පියවර ලෙස ශ්රීලනිප හිරියාල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කළ සාලින්ද දිසානායක මහතා පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති රැස්වීමකදී අපේ ශ්රීලනිපයේ හිරියාල ආසන සංවිධායක ලෙස පත්කර ඇතැයි වාර්තා වේ.
මිනුවන්ගොඩ ආසනයෙන් ඉවත් කර ඇති ශ්රීලනිප සංවිධායක ප්රසන්න රණතුංග මහතාද බෙන්තර ඇල්පිටියෙන් ඉවත් කළ ගීතා කුමාරසිංහ මහත්මිය ද අපේ ශ්රීලනිප ආසන සංවිධායකයින් ලෙස ඉදිරියේදී පත් කිරීමට නියමිත බව පැවසේ.