ඤාණසාර හිමියන්ට සිරගත්වීමට සිදුවූයේ පාලකයන්ගේ වරදින් බව පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියන් පවසයි.
රජය විසින්ම එළිදැක්වූ බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පාලකයන් කටයුතු නොකිරීම නිසා, ජාතියත් ශාසනයත් වෙනුවෙන් ඒ පරිදි ක්‍රියාත්මක වීමට ඤාණසාර හිමියන්ට සිදුවූ බවද උන්වහන්සේ කියා සිටී.
උසාවියට අපහාස කිරීමේ චෝදනා එල්ලවුවද, එදින හෝමාගම උසාවියේදී ඥාණසාර හිමියන් එලෙස කටයුතු කලේ උන් වහන්සේගේ හෘදයාංගමභාවය නිසා බවද, ඒ පිළිබදව ඤාණසාර හිමියන්ගේ ලිපියක් ගෙනහැර දක්වමින් විපස්සි හිමියන් කියා සිටියේ ය.