රුපියල් කෝටි 10 ට අලෙවි කිරීමට සූදානමින් සිටි ගජමුතු 07ක් සහ මුතු 06ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අරුගම්බේ ප්රදේශයේ හෝටලයක දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම ජාවාරම සම්බන්ධයෙන් අරුගම්බේ විශේෂ කාර්ය බලකා කඳවුරට ලද තොරතුරකට අනුව ගැනුම්කරුවන් වශයෙන් ගොස් සිදු කළ වැටලීමක දී මේවා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පොතුවිල් ප්රදේශයේ පදිංචි (35) හැවිරිදි පුද්ගලයෙකි.