Colombo Today Local News

මිලියන 55කට අධික කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 55කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

ඒ, යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට උතුරු දෙසින් වූ මුහුදු තීරයේදී නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සමග එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදීය.

එහිදී සොයා ගැනුණු කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 183කි.

මලු 04ක පාර්සල් 58ක් වශයෙන් අසුරා තිබියදී ඒවා හමුව තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, පවතින කොවිඩ් 19 අවදානම් තත්ත්වය හමුවේ සංක්‍රමණිකයින් මුහුදු මාර්ගයෙන් මෙරටට ඇතුළු වීම වැළැක්වීම සඳහා සහ නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා උතුරු මුහුදු තීරයේ මුර සංචාර වැඩි කර ඇති බවය.

Related posts

ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සූදානම් වෙමු… පටි තදකර ගමු…

colombotoday

ගංවතුරෙන් මියගිය ගණන 300 වැඩියි… අපේ පෙර සූදානම නොවෙන්න 1000කට වඩා මිය යනවා

colombotoday

කම්කරුවන් අතින් ගැහෙන සහ ගැලවෙන කම්කරු දින දේශපාලන කටවුට්

colombotoday

ව්‍යාජ රන් අලෙවි කිරීමට තැත් කළ 6 දෙනෙකු අත්අඩංගුවේ.

colombotoday

49 වන ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

colombotoday

මාලිගාවත්ත පොලීසියට බෝම්බයකින් ගහන්න ගිය පාතාලයෙක් අත්අඩංගුවට

Admin