Colombo Today Local News

තහවුරු කළ තවත් කොරෝනා මරණ 54 ක්

ඊයේ (8) දිනයේ මෙරටින් කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නොමැත.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) දිනයේ තවත් කොරෝනා මරණ 54 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1843 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මැයි 10 වනදා සිට මැයි 31 දක්වා කොරෝනා මරණ 15 ක් ද, ජුනි 02 වනදා සිට ජුනි 07 වනදා දක්වා කොරෝනා මරණ 39 ක් ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.

එම මරණ වාර්තා වූ දිනයන් මෙසේ ය..

මැයි 10 – මරණ 01
මැයි 15 – මරණ 01
මැයි 19 – මරණ 02
මැයි 20 – මරණ 02
මැයි 21 – මරණ 01
මැයි 22 – මරණ 02
මැයි 23 – මරණ 01
මැයි 28 – මරණ 02
මැයි 29 – මරණ 01
මැයි 31 – මරණ 02

ජුනි 02 – මරණ 08
ජුනි 03 – මරණ 06
ජුනි 04 – මරණ 07
ජුනි 05 – මරණ 07
ජුනි 06 – මරණ 07
ජුනි 07 – මරණ 04

තහවුරු කළ මරණකරුවන් අතරින් 32 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 22 දෙනා කාන්තාවන් ය.

තහවුරු කරන ලද එම මරණ 54 වාර්තා වී ඇත්තේ, කටාන, උඩුවෙළ, මාවනැල්ල, අරණායක, මාලිගාවත්ත, එරාවූර් 02, කඩවත, මොරටුව, අලුබෝමුල්ල, වාද්දූව, වලස්මුල්ල, කොළවැනිගම, කොළඹ -15, වතත්ල, ජා ඇල, බත්ගම්මුල්ල, තලාතුඔය, බදුල්ල, කිලිනොච්චිය, නිකවැරටිය, මරදන්කඩවල, මැදවච්චිය, අතුරුගිරිය, ඇල්පිටිය, කරන්දෙණිය, පෙරයනීලාවනයි, කන්තලේ, මාතලේ, රත්තොට, හොරම්පැල්ල, බටුගොඩ, වේයන්ගොඩ, මහනුවර, අකුරණ,උඩිස්පත්තුව, ලුණුවත්ත, තෝරපිටිය, මහියංගණය, රාගම, කොළඹ -13 , කඳාන, අවිස්සාවේල්ල, වතුපිටිවල, පන්නිපිටිය, වග සහ මාරවිල යන ප්‍රදේශවලිනි.

තහවුරු කළ කොවිඩ් මරණ අතරින් 06 දෙනෙකුගේ මරණ සිදුව ඇත්තේ, නිවෙස්වලදී වන අතර තවත් 2 දෙදෙනකු රෝහල්ගත කරන අවස්ථාව වනවිට මිය ගොස් ඇත.

ඉතිරි 46 දෙනා ම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

Related posts

අධිවේගයට බිලි වෙන්න ගිය පඬුකරද ගස සසුන්ගත කෙරේ

colombotoday

අනුර කුමාරට සහ මුසම්මිල්ට හෙළ උරුමෙන් නඩු ?

colombotoday

“මට ඇපල් ෆෝන් එකේ පාස්වර්ඩ් මතක නෑ” – බැදුම්කර බෑණා තවත් වංගුවක් දමයි !

colombotoday

රන්ජන්ල වගේ ජෝකර්ලට මගේ ලේ හොල්ලන්න බෑ… කොකේන් පරීක්ෂණයට මගේ ලේ දෙන්නෑ

colombotoday

කථානායකගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

කොරෝනා වෛරසය ඊයේ මියගිය පුද්ගලයාගේ දේහය ආදාහනය කිරීමට ජනතාව විරුද්ධ වෙයි

colombotoday