බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් වැඩිදුර ප්‍රතිකාර සදහා අද පෙරවරුවේ නැවත වරක් බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ආවේය.
තමන් සිරෙන් නිදහස් කරන තුරු රැවුල නොකැපීමට තීරණය කළ බව එහි සිටි පිරිසට පවසා සිටි උන්වහන්සේ, භාවනානුයෝගී ජීවිතයකට හුරු වෙමින් සිටින බවද සදහන් කර සිටියේ ය.