Colombo Today Local News

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද 3කින් පරාදයි

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වු අයවැය ලේඛනය සංශෝධන සහිත ඉදිරිපත් කිරීම සහ ඡන්ද විමසීම කන්දකැටිය ප්‍රාදේශීය සභා මහ සභා රැස්වීමේදී පසුගිය 27 වැනිදා සිදුවූ අතර එහිදී වැඩි ඡන්ද 3 කින් අය වැය පරාජය විය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගෙන් සමන්විත කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පස් දෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන උප සභාපති එස්.එම් සෙනෙවිරත්න මහතා පමණක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 07දෙනා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අයවැයට විරැද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා එදින සභා රැස්වීම සඳහා සහභාගී නොවූහ. ඒ අනුව පක්ෂව ඡන්ද 6ක් සහ විරුද්ධව ඡන්ද 9ක් ප්‍රකාශ වූ අතර වැඩි ඡන්ද 3කින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වූ අයවැය පරාජය විය.

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම් කමල් රාජපක්ෂ මහතා විසින් පසුගිය 27 වැනි දින 2021 වර්ෂයේ අයවැය ලේඛනය කන්දකැටිය ප්‍රාදේශීය සභා මහ සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව අය වැය සඳහා විවාදය පැවැති අතර එහිදි සභාපතිවරයා විසින් පසුගිය අවුරුදු කිහිපය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ සංවර්ධන යෝජනා වැඩි කොටසක් ක්‍රියාත්මක නොකිරීම නිසාත් මෙවර අය වැයටද තමන් ඉදිරිපත් කළ සංශෝධන සභාපතිවරයා විසින් බාරගත්තද එවා ලබන වසරේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සභාපතිවරයා කෙරෙහි කිසිම විශ්වාසයක් නොමැති නිසාත් තමන් අය වැයට විරුද්ධ වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු කීහ.

ඡන්දය විමසීමේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා අයවැයට විරුද්ධව ඡන්දය දුන් සියළු දෙනාට දින 07ක් තුළ තමන් විරුද්ධ වීමට හේතුව සඳහන් කර ලිඛිත ප්‍රකාශයක් පළාත් ආණ්ඩුකාරවරයාටත්, එහි පිටපතක් තමන් වෙතත් ලබාදෙන මෙන් කන්දකැටිය ප්‍රාදේශීය සභා ලේකම් එස්.එම් ෆාරුක් මහතා දැනුම් දුන්නේය.

Related posts

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය පොලිස් ඇමැති හමුවෙයි.

colombotoday

අධික වැසි සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් වෙයි

Admin

හර්ෂණ වන්නිනායක නමින් පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතු සිදු කල මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

colombotoday

මහින්ද පිළිබඳ මෛත්‍රී කළ ප්‍රකාශයට ඒකාබද්ධයෙන් දැඩි විරෝධය.. පිළිකුල දක්වා මාධ්‍ය නිවේදනයක්

colombotoday

කුකුළේට මිලි මීටර් 150 වෙනකොට අපට කීවනම් ගංවතුර අඩුකරගන්න තිබුණා

colombotoday

බැසිල් එක්ක බෑ.. ඔලුව උස්සන්න දෙන්නෑ – පොහොට්ටුවෙන් ඉවත් වූ මන්ත්‍රී කියයි

colombotoday