අමෙරිකානු ජනාධිපති ලෙස දිවුරුම්දීමෙන් පසු පළමු දින100 තුළ මුඛ ආවරණ පළඳින්නැයි තමා අමෙරිකානු වැසියන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ධූරය සඳහා තේරී සිටින ජෝ බයිඩන් පවසයි.
සියලුම අමෙරිකානුවන් මුඛ ආවරණ පැළඳුවහොත් එමගින් සැලකිය යුතු ආකාරයකට කොවිඩ් -19 සිද්ධි අඩුකළ හැකි බව ඔහු පෙන්වා දෙයි.
ඔහු තවදුරටත් පැවසුවේ රජයේ ගොඩනැගිලි තුළ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරමින් තමා නියෝග නිකුත් කරන බවය.
මේ වනවිට කොවිඩ් -19 හේතුවෙන් අමෙරිකාවේ මරණ 275,000ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් ගණන මිලියන 14 ඉක්මවා තිබේ.