Colombo Today Sports News

කැන්ඩි ටස්කර්ස් පරදා දඹුල්ල වයිකින්ග්ස්ට කඩුලු 5ක ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (LPL) තරගාවලියේ ඊයේ (03)දින පැවති තවත් තරගයකින් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම සමත් විය.

ඒ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

තරගාවලියේ 10වන තරගය වූ මෙම තරගයේ කාසිය වාසිය දිනු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබුණි.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් බිඳ වැටී ලබාගත් ලකුණු සංඛ්‍යාව 156කි.

එම ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 55 ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 46 ක් ලබා ගත්තේය.

ජයග්‍රාහි ඉලක්කය හඹාගිය දඹුල්ල වයිකින්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුළු 5 ක් පමණක් බිඳවැටී ලකුණු 157 ක් ලබාගනිමින් ජය ලැබීය.

එහිදී ඇන්ජලෝ පෙරේරා ලකුණු 67ක් සහ නායක දසුන් ශානක ලකුණු 33ක් ලබාගත්තේය.

Related posts

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර T 20 තරඟයේ සජීවී විකාශය

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

චමරි අතපත්තු ‘බ්‍රිස්ටල්‘ පිටිය දෙවනත් කරයි.. නොදැවී ලකුණු 178 ක් ගෙන වාර්තාවක් තියයි

colombotoday

නිරෝධායන ක්‍රියාවලිය නිසා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් යයි

colombotoday

ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන ශ්‍රී ලංකාවට | ශ්‍රී ලංකා – ඉන්දියා තරගය හෙට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුර සනත් ජයසූරියට

Admin