Colombo Today Local News

සයිටම් වගේ 10 ක් 15ක් රටට අවශ්‍යයි – බොදු බල සේනා

සයිටම් වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල මේ රටට අවශ්‍ය බව බොදු බල සේනා සංවිධානය පවසනවා. අද (31) බොදු බල සේනා මෙහෙයුම් කාර්යාලයේ පැවති මාද්‍ය හමුවකදී මෙම අදහස් පල විය.

සයිටම් ආයතනයේ හිමි කරු වන නෙවිල් ප්‍රනාන්දු සිංහල නොවී වෙනත් ජාතිකයකු වූවානම් කිසිදු ගැටළුවක් නොමැතිව ව්‍යාපාරය සිදුකිරීමට හැකි වීමට ඉඩ තිබු බව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මෙහිදී සදහන් කර සිටියා.

උදාහරණයක් වශයෙන්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වැනි සාත්තු සේවකයින් බිහිකරන ආයතන තිබුනානම් අපේ රටේ ගැහැනුන් මෙහෙකාර සේවයට නොයවා නම්බුකාර ලෙස “නර්ස්” කෙනෙක් ලෙස පිට රටකට ගොස් වැඩ කරන බවද උන් වහන්සේ අවධාරණය කර සිටියා.

මේ කුණු දේශපාලනය හේතුවෙන් සිංහලයන් නැගිටින සෑම විටම ඔවුන්ට පහර දෙන බව සදහන් කල උන් වහන්සේ මේ රටේ වෛද්‍ය වරුන්ගේ දරුවන්ද බොහොමයක් රට හැර ගොස් පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගන ගන්නා බවත් සදහන් කර සිටියා.

මෙහිදී අදහස් දැක්වූ බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා “ලංකාවේ තිබෙන හොදම සැත්කම පෞද්ගලික විශ්ව විද්‍යාලවල කල හැකිනම්, ඇයි උගන්වන්න බැරි” යනුවෙන් විමසා සිටියා. මේ රටේ අධ්‍යාපන ක්‍රමය වැරදි බව සදහන් කර සිටි විතානගේ මහතා පෞද්ගලික විශ්වවිද්‍යාල හැකි තරම් මෙරට ස්ථාපිත කර උගතුන් නිර්මාණය කල යුතු බව ප්‍රකාශ කර සිටියා.

Related posts

දකුණු ඉන්දියාවේ සිට රහසේ පැමිණ සැඟවී සිටි සරණාගතයකු හා ඔහුගේ දියණිය අත්අඩංගුවට

colombotoday

මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි අතුරුදන් ?

colombotoday

කොන්ද පන තියෙන නායකයෙක් රටට අවශ්‍යයි. සිරිසේනට මගේ සහය නෑ – කුමාර වෙල්ගම කියයි

colombotoday

රජයේ වියදමින් හදන්න ගිය කොටි සොහොන උද්භීද උද්‍යානයක් ලෙස නම් කරයි

colombotoday

ඉන්ටවල් ඉවරයි… පාතාලය, මත් ජාවාරම මැඩලීම හමුදාවට අතට…!

colombotoday

සජිත්ගේ 58න් කොටසක් ගැලවෙයි.

colombotoday