Colombo Today Local News

ජනපති වෙනුවට ඥානසාර හිමි

gnasara_thero_maithri

අහුන්ගල්ල ගල්වෙහෙර මළුවවත්තු පුරාණ රජමහා විහාරස්‌ථානයේ විවෘත කිරීම් රැසකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නොපැමිණෙන බව දැන්වීමට පැමිණි ආරක්‍ෂක නිලධාරීන් පිරිසකට කෝපවූ ප්‍රදේශවාසී ජනතාව ඉතා තදින් දොස්‌ පවරා පන්නාගන ඇත.

අනුතුරුව ප්‍රදේශවාසීන් බොදු බල සේනා ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැඩමකර එම විවෘත කිරීම් සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

දේශබන්දු කරුණාදාස කුමාරසිංහ මහතා විසින් එක්‌කෝටි අනූහය ලක්‍ෂයක්‌ වියදම් කරමින් සංවර්ධනය කරන ලද විහාරය විවෘත කිරීම 2016.05.16 දාට නියමිතව තිබිණි. එහි උත්සව කටයුතු සඳහා වෙනමම රුපියල් ලක්‍ෂ අටක්‌ වැයකර තිබිණි. මෙදින පෙරවරුවේ ආරක්‍ෂක නිලධාරීහු පැමිණ ජනාධිපතිවරයා නොපැමිණෙන බව දන්වා සිටියහ. ඒ අවස්‌ථාවේ සිටි ගම්මු කෝපවී ඉතා තදින් දොස්‌ පවරා ආරක්‍ෂකයන් පන්නා ගත්හ. ඒ සමගම විහාරස්‌ථානයේ දින ගණනක්‌ තිස්‌සේ රැඳී සිටි පොලිස්‌ නිලධාරීන්ද පැදුරටත් නොකියා ගොස්‌ තිබිණි.

Related posts

විදේශිය කරුන්කා කන්ටේනර් 23 ක් ව්‍යාජ ලේඛන සකසා මෙරට කරුන්කා වශයෙන් ඉන්දියාවට පටවන්න හැදු අධ්‍යක්ෂට වැඩ වරදි

colombotoday

වී මිල තීරණය කරන කමිටුවට ගොවි නියෝජිතයින් තිදෙනෙකුත්

Admin

ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනයට රජය තීරණය කරයි

colombotoday

බන්ධුල ගුණවර්ධනත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

ඡන්දය දා කලබල කළොත් පොලිසියෙන් වෙඩි…

colombotoday

ජී.එල්. පීරිස් මුදල්වල වැඩ බලන්න පත් කරයි

colombotoday