Colombo Today Local News

Video: අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගේන්න බෑ… බෑ… බෑමයි… – ආචාර්ය ප්‍රතිභා මහනාම

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිංගප්පුරුවට ගිය අවස්ථාවේදී, අර්ජුන් මහේන්ද්‍රන් නමැති පාසලේ අතිජාත මිත්‍රයාට කතාකර මෙරටට කැඳවාගෙන පැමිණීමට තිබුණු බව ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා පවසනවා. ඒ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඊයේ (19) පැවැත්වූ මාධ්‍ය සාකච්චාවකදීය.

“පත්කරනකොට හොදයි, මිසිං වෙද්දි ඔක්කොම ඉවරයි” යැයි පැවසූ ආචාර්යවරයා සිංගප්පුරුව සහ මෙක්ෂිකෝවට අන්තර්ජාතික පොලිසිය සමග ගිවිසුම් නොමැති බවත් එම නිසා මෙම රටවලට අන්තර්ජාතික පොලිසියට යාමට නොහැකි බවත් ඇමතිවරු “ඔන්න අර්ජුන් ඇල්ලුවා, මෙන්න ගෙනාව” යැයි පවසන්නේ නීතිය නොදැන බවත් ප්‍රකාශ කර සිටියා.

“මා අභියෝග කරනවා. ඔහුව අල්ලන්න බෑ. මේවට කිසිවක් වෙන්නේ නෑ. මේ ආර්ථික ගැටලුවට මුහුණ දෙන්න වෙන්නෙත් අහිංසක ජනතාවට” යැයි පැවසු ප්‍රතිභා මහානාම හේවා මහතා නඩුව පැවති සමයේදී අර්ජුන් මහේන්ද්‍රන්ට රටින් පැනයාමට අවස්ථාව සැලසීම වරදක් බවද සඳහන් කර සිටියා.

Related posts

“පසු බසින්නේ නෑ : මවුබිමට ඇවිත් ජනතා පැතුම් ඉටු කරනවා”

colombotoday

රට රැක්ක සෙබල විරිය සාගතයෙන් රට මුදවන්න යොදවයි

colombotoday

නුසුදුසු ධුරයක් ගම්මන්පිල හැර යයි

colombotoday

අත් සහ කට ගැට ගැසූ නාඳුනන මළ සිරුරක් මිනිස් අස්ථි කොටස් හමු වූ කැටකැරැල්ල පාලම අසල

Admin

ගොවියන්ගෙන් කප්පම් ඉල්ලන්න ආ මඩු දේවස්ථානයේ පියතුමාට ගොවීන්ගේ විරෝධය

colombotoday

කාංචන කොමිස් ගහන කතාවක් මම කිවුවේ නෑ

Admin