Colombo Today Local News

ඇමැති 12 කට වාහන ගන්න කෝටි 53ක් වෙන්කරයි

අමාත්‍යවරුන් හත්දෙනකුට, රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරු දෙදෙනෙකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් පනස් තුන් කෝටි හැත්තෑ නව ලක්ෂ හැට දෙදහස් හත්සිය අනූවක මුදලක් (රුපියල් 53,79,62,790) ඉල්ලන පරිපූරක ඇස්තමේන්තුවක් රජයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

ආණ්ඩු පක්ෂයේ සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

2016 අතිරේක ප්‍රතිපාදනය උපයෝජනය නොකළ බැවින් මෙම අමාත්‍යවරුන්ට වාහන ලබා ගැනීම සඳහා අතිරේක ප්‍රතිපාදන සැලසීම සඳහා බදු ද ඇතුළත්ව මෙම මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බවද පරිපූරක ඇස්තමේන්තුවේ දැක්වේ.

ඒ අනුව විශේෂ කාර්යභාර ඇමැතිවරයාට වාහනයක් මිලදි ගැනීම සඳහා රුපියල් 4,26,00,000 ක මුදලක්ද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා 4,20,00,000 ක මුදලක්ද වාරිමාර්ග හා ජල සම්පාදන කළමනාකරණ අමාත්‍යවරයාට සහ රාජ්‍ය ඇමැතිවරයාට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් 8,60,00,000 ක මුදලක්ද විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැතිවරයා වෙනුවෙන් වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 4,10,00,000 ක මුදලක්ද සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැතිවරයාට රුපියල් 4,30,00,000 මුදලක්ද උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 4,30,00,000 ක මුදලක්ද තිරසර සංවර්ධන හා වනජීවී ඇමැතිවරයාට රුපියල් 4,30,00,000 ක මුදලක්ද ඉල්ලා මෙම පරිපූරකයෙන් ඉල්ලා ඇත.

ඊට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඩබල් කැබ් රථ 25 ක් සහ විගණකාධිපතිවරයා සඳහා වාහනයකට කුලී බදු වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීමට රුපියල් හය කෝටි විසි දෙලක්ෂ පනස් දහසක මුදලක් ඉල්ලා ද පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ.

Related posts

“හිරගෙවල් පිට හිරගෙවල්වල දැම්මත් වසර 02ක් ඇතුළත මේ ආණ්ඩුව ගෙදර යවනවාමයි” ප්‍රසන්න රණතුංග

colombotoday

දයාසිරි ඇමතිකමෙන් ඉවත්වෙයි.. බඩුත් අකුලන් යන්න යයි

colombotoday

ශ්‍රී ලංකන් ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් කමිටුවක්… සභාපති ඉරාන්…

colombotoday

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

අදන් ඩොලර් අර්බුදය අවසන්

Admin

හරින් සහ ගෝලයෝ වෛද්‍යවරුන් සමග ගැටෙයි.. වෛද්‍ය පාදෙනියට පාදඩයා කියා බැනවදී

colombotoday