Colombo Today Local News

බුදු පිළිමයක් වැඩම කරද්දී TNA මන්ත්‍රී ඇතුළු පිරිසකගෙන් විරෝධය… බුදු පිළිමය පොලිසිය භාරයට…

බෞද්ධ භික්ෂුවක් හා දායක පිරිසක් විසින් මුලතිව් ප්‍රදේශයට බුදු පිළිමයක් වැඩම කරද්දී ඊට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු හා තවත් දේශපාලනඥයින් පිරිසක් ඊයේ (04) විරෝධය දැක්වීම නිසා බුදු පිළිමයේ ආරක්ෂාව සදහා එය මුලතිව් පොලීසියට බාර දීමට සිදුව තිබේ.

මුලතිව් කුරුන්දූඌර් කන්ද ආශ්‍රිතව ගම්මාන කීපයක පදිංචි වැසියෝ බුදු මැදුරක් තනා එහි තැන්පත් කිරීමට වාහනයකින් බුදු පිළිමයක් රැගෙන යමින් සිටි අවස්ථාවේදී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.

භික්ෂුවක් හා පිරිසක් වාහනයකින් බුදු පිළිමයක් රැගෙන යනු දුටු ගම්මාන වල වැසියෝ ඒ පිළිබදව උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ටී.රවිහරන් මහතාට දැනුම් දීමත් සමගම ඔහු පිරිසක් සමග පැමිණ වාහන ගමන් කළ මාර්ගය අහුරා බුදු පිළිමය රැගෙන යමින් සිටි පිරිස සමහ බහින් බස් වී තිබේ.

මුලතිව් පළාතේ අදාල ගම්මානයේ පදිංචිව සිටින පිරිස වෙනුවෙන් බුදු මැදුරක් ඉදි කිරීම පිණිස මෙම පිළිමය රැගෙන යන බව භික්ෂූන් වහන්සේ හා දායක පිරිස කියා සිටියත් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ඊට ඉඩ දී නොමැත.

මේ අවස්ථාවේදී එම ස්ථානයේ පැය කීපයක දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගැණුණි.මන්ත්‍රීවරයා භික්ෂුව ඇතුළු පිරිසට බැණ වදිමින් බුදු පිළිමයද රැගෙන ආපසු යන මෙන් තර්ජනය කොට තිබේ.

භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ඔවුන් වීස්න් කරන්නට යන දේ පිළිබදව කොතරම් විස්තර කළත් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස එය පිළි ගැනීමට අකැමැති වීමෙන් විශාල රණ්ඩුවක් මේ ස්ථානයේ ඇති වීම නිසා පොලීසිය කැදවීමට සිදුව ඇත.

උදා වී ඇති ගැටළු සහගත තත්ත්වය නිමාවට පත්වන තුරු බුදු පිලිමය පොලීසිය බාරයට පත් කිරීමට සිදුව තිබේ.

(දිනසේන රතුගමගේ)

 

Related posts

ස්ත්‍රී දූෂණ වරෙන්තුකරුවෙක් ගාලුමුවදොර අරගල භූමියේ සැගවෙයි

colombotoday

මත්තල ගන්න අපි සූදානම්.. ඉන්දීය ගුවන් සමාගමක් රජයට දන්වයි !

colombotoday

මාලේ ගුවන් තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් යානයකට හානි

colombotoday

සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපතිගෙන් කල ඉල්ලිම

colombotoday

උඩවත්ත කැළේ රක්ෂිතයත් විකුණන් කන්න පිඔුරුපත් සැකසේ

colombotoday

SB නපුංසකද ? නැද්ද ? බලන්න පරීක්ෂණයක්!

colombotoday