Colombo Today Local News

පුද්ගලික බස් වර්ජනයෙන් ලංගමේට සරුයි.. ඊයේ වාර්තාගත ආදායමක්

ctb
සාමන්‍ය සෙනසුරාදා දිනයක ලංගම අදායම රුපියල් මිලියන 68ක් වුවද, ඊයේ (03දා) දිනයේදී ධාවනය කළ ලංගම බස්රථ මගින් රුපියල් මිලියන 99ක ආදායමක් උපයා ගැනීමට හැකිවූ බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසීය.

උතුරු පළාතේ පෞද්ගලික බස් වර්ජනයක් දියත් නොවූ බැවින් පසුගිය දින දෙකේදී එම පළාතේ ලංගම ආදායමේ වෙනසක් නොවූ බවද සිරිවර්ධන මහතා පවසා සිටියේය.

පෙරේදා දිනයේදීත් ලංගම වාර්තා ගත ආදායමක් ඉපයීමට සමත්විය. එදින ආදායම රුපියල් මිලියන 120ට ආසන්න විය.

Related posts

එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වයක් යටතට පැවරීමේ තීරණයක්

colombotoday

කොටි සිරකරුවන් වෙනුවෙන් යාපනේ සරසවි සිසුන් මාරාන්තික උපවාසයක් අරඹයි

colombotoday

මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව පමාවෙයි

Admin

අපේක්ෂකයින්ට අද සිට මනාප අංක නිකුත් කරයි

colombotoday

වර්තමාන ජනාධිපති ජනපතිවරණයත් කල්දානවා – ජී. එල්. පීරිස් කියයි

Admin

“රටින් පන්නා දැමූ ‘ඊනිව්ස්‘ පුලන්නා ජාත්‍යන්තර පොලීසිය ලවා අත්අඩංගුවට ගන්නවා“ – අධිකරණ ඇමති

colombotoday