අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය අද (03) ජනාධිපති මන්දිරය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නිතර විය.
විහාරමහාදේවී උද්‍යානය අසලින් එම විරෝධතාවය ආරම්භ කර තිබුණි.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන අසල ඇති පොලිස් මාර්ග බාධකය ඉවත් කරමින් ඉදිරියට පැමිණි විරෝධය මහ බැංකුව අසල ඇති පොලිස් මාර්ග බාධකයද ඉවත් කර ජනාධිපති මන්දරය අසලට පැමිණ තිබුණි.
ඒ අනුව ජනාධිපති මන්දිරය අසල සුළු වේලාවක් විරෝධතාවයේ නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය පසුව ගාලු මුවදොර අරගල භූමිය වෙත ගමන් කළේය.