Colombo Today Sports News

බංග්ලාදේශට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) ජය ගත්තේය.

ඒ, දෙරට අතර මීර්පූර්හීදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 10කින් ජය ගනිමිනි.

බංග්ලාදේශය සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 365 ක් රැස් කළේ ය.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 506කි.

අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 169 ක් පමණි.

ඒ අනුව, ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 29ක ඉලක්කයක් හිමි වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම ඉලක්කය කිසිවෙකු නොදැවී පසු කළේ ය.

Related posts

තරග පාවා දීමේ චෝදනා: සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේපයි

colombotoday

කළමනාකාරිත්වය විවේචනය කරමින් මොහොමඩ් අමීර් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන්දියාවේදී ප්‍රතික්ෂේප වෙයි. ඉතිහාසයේ ප්‍රථම වරට කවුරුත් ලංසු තබා නෑ.

colombotoday

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන් තරගය අද

Admin

මාලිගෙන් ලෝක වාර්තාවක්

colombotoday

විස්සයි20 කණ්ඩායමේ නායකත්වය මාලිංගට

colombotoday