Colombo Today Local News

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහළට

දිවයින පුරා සතොස ශාඛා වල අද (26)දින සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහළ දමා ඇති බව පාරිභෝගිකයින් පවසයි.

පසුගිය සතියේ හැටන් සතොස ශාඛාවේ රු. 175 කට අලෙවි කළ පොන්නි සම්බා කිලෝවක් රු 200 කටත්, රු 145 කට අලෙවි කල දේශිය රතු සහල් කිලෝවක් රු 175 කටත්, රු 170 ට අලෙවි කළ සිනි කිලෝවක් රු 177 ටත්, රු 489 ට අලෙවි කල ආනයනික රතු පරිප්පු කිලෝවක් රු 560 කටත් අලෙවි කරන බව පාරිභෝගිකයන් සදහන් කරයි.

මිල වැඩි කලද ඇතැම් ආහාර ද්‍රව්‍ය සිමිත තොග ප්‍රමාණයක් පමණක් සතොස ශාඛාව වෙත එහි පාලන අධිකාරිය විසින් නිකුත් කර තිබු අතර, එම ප්‍රමාණය පාරිභෝගිකයන්ට සමසේ බෙදා දිම සදහා සිමා කර පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට හැටන් සතොස ශාඛාවේ පාලන අධිකාරිය පියවර ගෙන තිබුණි.

Related posts

දේශපාලනිකව පරද්දන්න බැරි මහින්දව හතුරු වෙඩි උණ්ඩයේ ගොදුරක් කරන්න හදනවා.. කැතයි, ලැජ්ජයි, නින්දිතයි

colombotoday

IS සහායකයෝ 702ක් ලංකාවේ.. ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශයෙන් තොරතුරු

colombotoday

නි.ඇමති තෙවරප්පෙරුම බලෙන්ම මගුලකට පනී.. කා බී යකා නටයි.. ගුටිබැට දී අහසට වෙඩි තබයි !

colombotoday

අලිවත්තේ අසිත මාට්ටු

colombotoday

එජාපය ගාල්ලේ පළාත් පාලන ආයතන 20ට ම ඇප බඳී

Admin

එජාප ප්‍රබලයන් දෙදෙනෙක් බැදුම්කරෙන් ලක්ෂ පනහක් අරන්….

colombotoday