Colombo Today Local News

රාජ්‍ය සේවකයන්ට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට ඇති බාධා ඉවත්කිරීමට රජයේ අවධානය

දැනට රාජ්‍ය සේවයේ නියුතු ඕනෑම අයෙකුට හෝ බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවාගෙන ඇති ඕනෑම සේවකයෙකුට, විදේශ රැකියා සඳහා පිටත්ව යාමට ඇති බාධා ඉවත්කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත්තේ ජනපති මන්දිරයේ අද (25)දින පැවති පුහුණු ශ්‍රමිකයින් විදෙස් රැකියා වෙළෙඳපොළ වෙත යොමු කිරීමේ වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී ය.

එම සාකච්ඡාවට සහභාගී වූ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා සිටියේ එහිදී ජ්‍යෙෂ්ඨත්වයට බලපෑමක් නොවන අයුරින් විදේශ රැකියා සඳහා යොමු වීමට අවස්ථාව සලසා දිය යුතු බව යි.

මේ අතර පවතින ආර්ථික පසුබෑම හමුවේ විදේශ විනිමය සහ විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල විවිධ ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා පවතින රැකියා පුරප්පාඩු ඉලක්ක කරමින් භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු යැයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ජපානයේ පමණක් වැඩිහිටි සත්කාරක සහ ආහාර සැපයුම් ආශ්‍රිත ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු 350,000කට අධික සංඛ්‍යාවක් පවතින බවත් ඒ සඳහා ජපන් භාෂා දැනුම අණිවාර්ය වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

ජපන් භාෂා දැනුම ලබාදීමේ වැඩසටහන් කඩිනමින් ක්‍රියාවට නැංවිම වෙනුවෙන් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, වෘත්තිය පුහුණු අධිකාරිය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශ දායක කරගත යුතු බව ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ.

පුහුණු ශ්‍රමිකයින් බිහිකිරීමෙන් ඉහළ වැටුප් සහිත රැකියා සඳහා වැඩි වශයෙන් අවස්ථාව උදාකරගත හැකි අතර හෙද සේවය සඳහා යුරෝපය ඇතුළු රටවල් රැසක ඉහළ ඉල්ලුමක් පවතී.

Related posts

විල්පත්තුව වැනසූ කටාරයෙන්, ශ්‍රී ලංකාවට අංග සම්පූර්ණ නගරයක් !

colombotoday

උතුරේ නැවතත් ජාතිවාදී ක්‍රියා හිස ඔසවනවා.. හමුදා ශක්තිය තර කරන්න – ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය

colombotoday

නිදහස වෙනුවෙන් නව සමරු නෝට්ටුවක්

colombotoday

රටේ දැවෙන ප්‍රශ්න විසදීමට ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි. – කථානායක කරු ජයසූරිය

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නාමල්ගේ මතය

colombotoday

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට 2021 තෙක් කල් දෙයි…

colombotoday