Colombo Today Local News

ප්‍රහාරක යානාවල කෑලි ගලවා “යොවුන් පුරේදී” පෙන්වන්නැයි අගමැති කියලා.. ගුවන් හමුදාවේ විරෝධය

aga2569

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවකට තරුණ කටයුතු අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කළ “යොවුන් පුරය” තරුණ වැඩසටහන “අනාගතය ඇරඹුනා” තේමාව යටතේ නැවත වරක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව තරුණයන් පන්දහසකගේ සහභාගීත්වයෙන් අද සීගිරිය ගුවන් හමුදා කදවුරේදී එය ආරම්භ වීමට නියමිතය.

රැකියා දස ලක්ෂය, වොක්ස්වැගන් මොටර් රථ කර්මාන්ත ශාලාව, අඩු මිළට තරුණයන්ට මොටර් රථ, ඇතුළු පසුගිය මැතිවරණවලදී අගමැතිවරයා සහ යහපාලන ආණ්ඩුව විසින් ලබා දුන් කප්පරක් පොරොන්දු එකක්වත් ඉටු කිරීමට නොහැකිව සියල්ල කණපිට පෙරළී ඇති මොහොත ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙමින් පවතින තරුණ අප්‍රසාදයට පිළියමක් ලෙස මේ අවස්ථාවේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ආණ්ඩුවේ උපදේශකයන් පෙන්වා දී ඇත.

අදාළ වැඩමුළුවේදී ප්‍රදර්ශන, දේශන, ක්‍රීඩා හා විනෝදාංශ දේශන පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ප්‍රහාරක ගුවන් යානා කොටස් ගලවා ප්‍රදර්ශනය කිරීමට සහ තරුණයන්ට ඒ පිළිබදව පුහුණුවක් දිය හැකිදැයි අගමැතිවරයා ගුවන් හමුදාපතිවරයාගෙන් විමසා ඇත. එය සිදුකළ හැකි බවට ගුවන් හමුදාපතිවරයා ප්‍රකාශ කළත් ගුවන් හමුදාවේ අනෙකුත් උසස් නිලධාරීන්ගෙන් එයට දැඩි විරෝධයක් එල්ල වී ඇත. මේ වන විට අබලන්ව ඇති ගුවන් හමුදාව සතු කෆීර් හා මිග් ප්‍රහාරක යානා අලුත්වැඩියා කිරීමට අවශ්‍යව ඇතත් ඒ සදහා ප්‍රතිපාදන සපයා නොදී තිබියදී එවායේ කොටස් ගලවා ප්‍රදර්ශනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම විරෝධය එල්ල වී ඇත.

රට තුළ උද්ධමනය, විරැකියාව තුළින් හෙම්බත්ව සිටින තරුණ තරුණියන්ගේ ගැටළුවලට සැබෑ පිළියම් නොසොයා අධික මුදලක් වැය කරමින් මෙවැනි සංදර්ශනාත්මක වැඩසටහන් පැවැත්වීම කාලෝචිත අවශ්‍යතාවයක්දැයි යන්න ගුවන් හමුදා උසස් නිලධාරීන් අතර කතා බහට ලක්ව ඇති අතර හෙට දිනයේ රට හමුවේද එම ප්‍රශ්නයම ඉතිරිවනු ඇත.

Related posts

ගෘහස්ත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හඳුන්වා දීමේ සැලසුමක්

colombotoday

සෝමාවතී වනෝද්‍යානයත් අන්තවාදී මකර කටේ.. අක්කර තුන්දාහක් දැනටමත් වනසලා !

colombotoday

“බැසිල් ශ්‍රීලනිපය දෙකඩ කරන්න හදනවා.. මහින්ද පැරදුනෙත් ඔහු නිසයි” ඇමති ඩිලාන් පෙරේරා

colombotoday

දියත උයනේ පාකිස්ථාන් කොඩි පොලීසිය මැදිහත්වී ගලවා දමයි.. මුස්ලිම් ඇමතිට යකා වැහෙයි !

colombotoday

ඇමතිලාට විෂයන් බෙදයි.. ගැසට් නිවේදන මෙන්න..

colombotoday

ඉම්රාන් ඛාන් රජය වූහාන්වල සිරවූ පාකිස්ථානුවන් සියරට ගෙන්වා නොගැනීමට තීරණය කරයි !

colombotoday