World

සෞදි අරාබියේ පුරවැසියන්ට රටවල් 16කට සංචාරය කිරීම තහනම්

සෞදි අරාබිය සිය පුරවැසියන්ට ඉන්දියාව ඇතුළු රටවල් 16ක සංචාරය කිරීම තහනම් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කොරෝනාවෛරසය නැවත පැතිරීම ත් සමග පසුගිය සති කිහිපය තුළ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් සෞදි අරාබිය මෙම පියවර ගෙන ඇති බව ය.

එම රටවල් 16 අතරට ඉන්දියාව, ලෙබනනය, සිරියාව, තුර්කිය, ඉරානය, ඇෆ්ඝනිස්ථානය, යේමනය, සෝමාලියාව, ඉතියෝපියාව, කොංගෝ ජනරජය, ලිබියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, ආර්මේනියාව, බෙලරුසියාව සහ වෙනිසියුලාව ඇතුළත් වේ.

මේ අතර, මහ ජනතාවට රට තුළ Monkeypox රෝගීන් වාර්තා වී නොමැති බවට සෞදි අරාබියේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික කර තිබේ.

Monkeypox රෝගයට එරෙහිව සටන් කිරීමට සිය රටට හැකියාව පවතින බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, රටවල් 11කින් monkeypox රෝගීන් 80 දෙනෙකු මේ විට හඳුනා ගෙන ඇති බව ය.

Related posts

ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 21 පනී

colombotoday

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin

වසර තුනක් චීනයේ අත්අඩංගුවේ සිටි ඕස්ට්‍රේලියානු නිවේදිකාව නිදහස්

Admin

මාස 20 ක් ඇතුළත ISIS ත්‍රස්තයෝ විසි පන්දහසක් මරුට !

colombotoday

අළුත් ජනපතිට පුටුව දී හිටපු ජනපති රටින් පලා යයි !

colombotoday

තායිවානයේ උමං මාර්ගයකදී දුම්රියක් පීලි පැනීමෙන් 34ක් මරුට

colombotoday