Colombo Today Local News

පොහොට්ටුවේ ඇමැති ධුර දහය ගන්න හතළිහක් පෝලිමේ

නව ඇමැති මණ්ඩලය පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි ඇමැති ධුර දහය ලබා ගැනීම සඳහා මන්ත්‍රිවරු හතළිහක් පමණ ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලීම් කිරීම නිසා තරගයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

එම පක්ෂයට හිමි ඇමැති ධුර දහයෙන් හය දෙනකු මේ වන විට දිවුරුම් දී තිබේ. දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, ජී.එල්. පීරිස්, රමේෂ් පතිරණ, කෙහෙළිය රඹුක්වැල්ල යන මන්ත්‍රිවරු ඇමැතිධුරවල දිවුරුම් දී තිබේ.

සමගි ජන බලවේගයට ඇමැති ධුර තුනක් වෙන් කර ඇති අතර හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මන්ත්‍රිවරු ඇමැති ධුරවල දිවුරුම් දී අවසන්ය. එම පක්ෂයෙන් තවත් මන්ත්‍රිවරු දස දෙනෙකු ආණ්ඩුවට සහයෝගය ලබාදීමට නියමිත බවද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමැති ධුර දෙකක් හිමි වී තිබේ. නිමල් සිරිපාලද සිල්වා මන්ත්‍රිවරයා මේ වන විට ඇමැති ධුරයක දිවුරුම් දී ඇත. මහින්ද අමරවීර දුමින්ද දිසානායක, චාමර සම්පත් දසනායක, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න යන මන්ත්‍රිවරුද ආණ්ඩුවට සහයෝගය ලබාදීමට සාකච්ඡා කර තිබේ. සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා හා විජයදාස රාජපක්ෂ යන මන්ත්‍රිවරුන්ටද ඇමැති ධුර හිමි වන අතර මෙතෙක් දිවුරුම් දී නැත්තේ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රිවරයා පමණි. ඩග්ලස් දේවානන්ද සහ ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රිවරුන්ටද ඇමැති ධුර හිමි වෙයි.

විසි පහකින් යුත් කැබිනට් ඇමැති මණ්ඩලයේ සෙසු ඇමැතිවරු ලබන සඳුදා (23)දින දිවුරුම් දීමට සැලසුම් කර ඇත. ඒ සමගම රාජ්‍ය ඇමැතිවරුන් 30 දෙනකුද දිවුරුම් දීමට නියමිතය.

ඇමැති මණ්ඩලය දහ අට දෙනකුගෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණත් දැඩි ඉල්ලීම නිසා වැඩි කිරීමට සිදු ව ඇති බවයි වාර්තාවන්නේ.

Related posts

අගමැතිත් බැඳුම්කර කොමිසමට…! කැදවිමටත් පෙර යන්න තීරණය කරයි

colombotoday

අද රාත්‍රියේ රට කැළඹෙන හෙළිදරව්වක් !

colombotoday

බුදුන් වහන්සේ නාගදීපයට වැඩමකළ බක් පුන් පොහොය අද

colombotoday

කාර්යාල දුම්රිය හෙට සිට ධාවනයට | දුම්රිය නතර නොකරන Lockdown ප්‍රදේශ මෙන්න..

colombotoday

මිළ සූත්තරය නැවතත් ක්‍රියාත්මකයි…

colombotoday

රියදුරු බලපත්‍ර අලුත්කිරීමේ කාලය දීර්ඝ කරයි.

colombotoday