Colombo Today Local News

තවත් නෞකා දෙකකින් ඉන්ධන ගොඩබෑම අද අරඹ‍‍යි

තවත් නෞකා දෙකකින් ඉන්ධන ගොඩබෑම අද (21) දිනයේ ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000ක් රැගත් මෙරටට පැමිණි නෞකාවේ ගොඩබෑමේ කටයුතු කිරිමට නියමිත බව වාර්තා වේ.

මීට අමතරව ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබුණු ඩීසල් මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් නෞකාවේ ඉන්ධන ගොඩබෑම ද අද සිදුකිරීමට නියමිතය.

මේ අතර ඉන්ධන බෙදා හැරීම සඳහා සංවිධානාත්මක පිරිසක් බාධා කරමින් සිටින බවට අමාත්‍ය කංචන විජේසේකර චෝදනා කරයි.

විවිධ ස්ථානවලට තෙල් ගොඩ බෑම සිදුකරන ලෙසත් එසේ නොවුණහොත් බවුසර ගිනි තබන බවටත් ඔවුන් අනතුරු අගවා ඇති බව අමාත්‍යවරයා පවසයි.

මෙම තත්වය අඛණ්ඩව පැවතියහොත් සේවකයන්ගේ ආරක්ෂාව සලකා ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට සිදුවන බවට කංචන විජේසේකර මහතා අනතුරු අඟවයි.

Related posts

ට්‍රැෆික් කන්ට්‍රෝල් අන්තිමයි.. දක්ෂිණ අධිවේගයේ ගොඩගම පිටවීම අවහිරයි.. පෝලිම කිලෝමීටරයකට වැඩියි

colombotoday

ගසකට බිලි වූ ජීවිතය

Admin

සුපිරි ක්‍රිකට් තරුව පොහොට්ටුවෙන් දේශපාලනයට

colombotoday

කාබනික හා ජෛව පොහොර ආනයනය මෙරටට එල්ලවන ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක්. – ජාතික ගොවිජන එකමුතුව

colombotoday

සන්නද්ධ රථ කොළඹ වටේ මුර සංචාරයක

colombotoday

අනියම් ඇසුර දෙදරු පියාගේ ඝාතනයෙන් කෙළවර වෙයි

Admin