Colombo Today Local News

වාහන බද්දේ වාසිය ඉන්දියාවටයි..”අපේ කාර් ලංකාවේ ලාබයි” ඉන්දීය මාධ්‍ය කියයි

පසුගිය දා සිදුකරන ලද නවතම මෝටර් රථ තීරු බදු ගාස්තු සංශෝධනයට අනුව 800cc හා 1,000cc වාහනවල ඒකක බදු පහළ යාම නිසා ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන කුඩා මෝටර් රථ වර්ගවල මිල ගණන් පහළ යනු ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කරනු ලබයි.

Business Standard වාර්තාවකට අනුව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නව ගැසට් නිවේදනයෙහි සඳහන් පරිදි 800cc හා 1,000cc මෝටර් රථවල පහළ ඒකක බද්දකට යටත් වීම නිසා එම කාණ්ඩයේ බහුතර මෝටර් රථ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බැවින් Maruti Wagon-R වැනි මෝටර් රථ මිලෙහි පහළ යාමක් බලාපොරොත්තු වේ. වාහන ආනයනකරුවන් සඳහන් කරන පරිදි එම කාණ්ඩයේ වාහන බදු රු. මිලියන 1.5-1.6 සීමාවේ සිට රු. මිලියන 1.35 දක්වා අඩු වී තිබේ.

කෙසේ වෙතත් ත්‍රී රෝද රථ ඒකක බදු ඉහළ දැමීම හේතුවෙන් ඒවායේ මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමක් බලාපොරොත්තු වන බව එම වාර්තා වැඩිදුරටත් කියා සිටී.

Adaderana Biz

Related posts

අලි ගහන්න ආවොත් 1992 අංකයට කතා කරන්න

colombotoday

උස ඇති අයට සිකුරුටි.. නැති අයට කම්කරු.. මොලේ නැති අයට අමාත්‍යධූරද?

colombotoday

නොමිළේ වයි-ෆයි : අගමැති පොරොන්දුව අළුත් කරයි !

colombotoday

ජනාධිපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට!

colombotoday

14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹෙයි

Admin

කැෆේ කීර්තිටත් ආණ්ඩුකාරකමක්… ජනපති අද පත්කළ ආණ්ඩුකාරවරු මෙන්න…

colombotoday