Colombo Today Local News

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා පනින්න ගිය 19ක් නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධීව ධීවර යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි 19 දෙනෙකු කලවංචිකුඩි හා පානම අතර මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් සහ 12 හැවිරිදි පිරිමි ළමයෙකු ද වන බවය.

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 12ත් 45ත් අතර පසුවන උප්පුවේලි,යාපනය,වව්නියාව,මඩකලපුව,ත්‍රිකුණාමළය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ත්‍රිකුණාමලය තිස්ස කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ත්‍රිකුණාමලය වරාය පොලීසියට භාර දී තිබේ.

ඔවුන් අද (20)දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සනත් නිශාන්තගේ සැප රියේ ගැටුණු දෙදරු පියා මරු දකී

Admin

සජිත්ගේ ගම්උදාවෙන් රූපවාහිනියට කෝටි 10ක පොල්ලක් !

colombotoday

උදෑසන රැස්වීමට ආ බඹරුන් සිසුන් 45ක් රෝහලේ නවතයි. ගුරුවරයකුට අසාධ්‍යයි

colombotoday

භුමිදානයට පක්ෂව අදහස් දැක්වීම නිසා මහාචාර්ය නීලිකා මලවිගේ ගේ ලස්සන ෆ්ලෝරා ආයතනයට අධිකරණ අමාත්‍යංශයේ මල් කොන්ත්‍රාතුව දුන්නාද?

colombotoday

පල්ලේකැලේ ක්‍රිකට් පිටියට හෙළුවෙන් පැන්න සුද්දාට වැඩ වරදී !

colombotoday

අද ලංකාවේ සෑම මුස්ලිම් නිවසක්ම මල ගෙයක් වගේ වෙලා… ඒ තරම් වේදනයි – ඇමති බදියුදීන්

colombotoday