Colombo Today Local News

“ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන.ඇමතිගේ තර්ජනවලට අපි බය නෑ”

පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන ලෙස අභියෝග කරන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය බලශක්ති අමාත්‍යවරයාගේ තර්ජනවලට බිය නොවන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (1)දින පවසයි.

නව බලපත්‍ර ලබාදෙන්නේ යැයි කියන සුරංගනා කථාවලට ටැංකි රථ හිමියන් බිය නොවන බවත් නව බලපත්‍රයක් ගෙන ටැංකි රථයක් ධාවනයට එක්කිරීමට අඩුම තරමින් මාස හයක්වත් ගතවන බවත් ශාන්ත සිල්වා මහතා කියයි.

ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් ඇමතිවරයාව නොමඟ යවලා තිබීම නිසා එතුමා ගැන කණගාටු වන බව කී ශාන්ත සිල්වා මහතා ටැංකි රථ හිමියන් සියලු දෙනා බපත්‍රය විකුණා මුදල් බැංකුවේ තැම්පත් කර ජීවත්වීමට සූදානම් බව ද සඳහන් කරයි.

ඉන්ධන මිල වැඩීමත් සමඟ ඉන්ධන ටැංකි රථ ගාස්තු වැඩි කිරීමේ මිල සූත්‍රයට අනුව කටයුතු කළේ නම් කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවත් ආණ්ඩුව මර්දනය තෝරාගන්නේ ටැංකි රථ හිමියන් 6 වැනිදා පවත්වන දැවැන්ත වර්ජනයට එකතු වන බවත් ශාන්ත සිල්වා මහතා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin

සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම අංකය සමගම ජාලය වෙනස් කිරීමට අවසර

colombotoday

මත්තල ගබඩාවේ තිබූ වී තොගත් අර්ජුන්ගේ අරක්කු සමාගමට (Video)

colombotoday

අවුරුදු හතරක දැරියට පහරදුන් මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

Admin

එජාපයට සිංහල බෞද්ධ පදනම නැති වුනා. රනිල් පරාජයට හේතු කියයි

colombotoday

එජාපය, දෙමළ සන්ධානය, නිල් අලි, රතු අලි එක්වෙයි.. අතුරුදන්වූවන්ගේ කාර්යල පනත සම්මත කරයි

colombotoday