Colombo Today Local News

ඇඳිවත පමණක් ඉතිරි වූ ලංසා හඬා වැටෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සිය දේපළවලට හානි කිරීම ගැන අද(18)දින පාර්ලිමේන්තුවේදී කතා කළ අවස්ථාවේ වරින් වර හඬා වැටෙනු දැකගත හැකිවිය.

තමාට දැන් ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණක් බවද ඔහු මෙහිදී පැවසුවේය.

ලංසා මහතා මෙසේ පැවසුවේ රටේ පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්වූ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැඩිම හානිය සිදුවුයේ තමාට බවත් සිද්ධිය ගැන තමා වන්දි නොව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

එම සිද්ධීන්වලට සමගි ජන බලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නැති බව පැවසූ නිමල් ලන්සා මහතා මීට සම්බන්ධ කණ්ඩායම ඉදිරියේදී හෙළි කරන බවද ප්‍රකාශ කළේය.

පියාගෙන් සීයාගෙන් ලැබුණු දේවල් මෙන්ම තමා හරි හම්බ කළ දේවල්ද මේ අයගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නැතිවූ නමුත් ඒ සම්බන්ධයෙන් හිත හදාගෙන සිටින බවත් මෙවැනි දේවල් ඉදිරියටත් සිදු වුවහොත් රට නැතිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

තමාට උදව් කිරීමට බොහෝ හිතවතුන් ඉදිරිපත්ව සිටින බව පැවසූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධ හෝටල් හිමියකු තමාට ඔහුගේ හෝටලයක නවතින ලෙසට ආරාධනා කළ බවද සඳහන් කළේය.

ලොකු ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක එකිනෙකා මරා ගත්තොත් රට නැතිවන බව ඔහු වැඩිදුරටත් කීවේය.

Related posts

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

Admin

ආණ්ඩුව මන්ත්‍රී වාහනේ බරත් ජනතාවට පටවන්න හදනවා

Admin

ගැටුමට මුල්වු දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්ගේ වැඩ තහනම්

Admin

“සිකුරාදා වන වි රට වසාදැමීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සඳුදා සිට බලහත්කාරයෙන් රට වසාදැමීමට කටයුතු කරනවා”

colombotoday

කෝටි හතර හමාරකට විකිනීමට ගිය ගජමුතු යුගලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

25,000 දඩය 50,000 වෙයි.. වසර දහයක සිර දඩුවමකුත් නිර්දේශ වෙයි !!

colombotoday