Colombo Today Local News

ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජන එපා… ප්‍රශ්නයක් තියනවනම් අපට කියන්න – නිව්යෝක් ටයිම්ස් මහින්දට කියයි

ලංකාවේ මාධ්‍යවේදීන් විවේචනය නොකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තම වාර්තාකරණය පිළිබඳව ගැටලුවක් පවතින්නේ නම් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කතුවරයන් අමතන්නැයි “ද නිව්යෝක් ටයිම්ස්” පුවත්පත අවධාරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම පුවත්පත මේ බව අවධාරණය කර ඇති අතර ඒ චීන ණය සහ හම්බන්තොට වරාය ඉදිකළ චයිනා හාබර් සමාගම පසුගිය ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ඩොලර් මිලියන 7.6ක් ලබාදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පළවූ ගවේෂණාත්මක ලිපිය සම්බන්ධව රාජපක්ෂ පාර්ශවයේ ප්‍රතිචාරයට දක්වන ප්‍රතිචාරයක් වශයෙන්ය. ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජාත්‍යන්තර කර්තෘ මයිකල් ස්ලැක්මෑන් එම නිවේදනය නිකුත් කර ඇති අතර එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඇති බවටද චෝදනා කර ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන්ව ඇත.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ජූනි 26 වැනිදා ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ නිරවද්‍ය ගවේෂණාත්මක ලිපියට දායකත්වය දැක්වූ මාධ්‍යවේදීන් දෙදෙනකු ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කර තිබේ.

මේ ආකාරයෙන් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේත අනුමත කළ නොහැක. මෙවැනි ක්‍රියා විවේචනය සහ මාධ්‍ය නිදහස සීමා කිරීමටත් අවසාන වශයෙන් මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ ලැදියාව අහිමි කිරීමටත් හේතු වනු ඇත.

ශ්‍රී ලංකා බලධාරීන් අපේ පුවත්පතට මෙන්ම වෙනත් ඕනෑම පුවත්පතකට සේවය කරන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

මහින්ද රාජපක්ෂ මහතාට ‘ටයිම්ස්’ ලිපිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර ඒ සම්බන්ධයෙන් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන්ට අමතන්න”.

Related posts

අලුත් පරපුරේ ඩබලක් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග !

colombotoday

ශනිල් නෙත්තිකුමාරට ඇප

colombotoday

ජිනීවා වාර්තාව තරම් පරණගම වාර්තාව දරුණු නැත. හමුදාවට එරෙහි තවත් විභාග අනවශ්‍ය ය.

colombotoday

රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඇමතිලා හතරක් යහපාලන කැබිනට්ටුවේ…

colombotoday

අගමැති කාර්යාලයේ යහපාලනය තිබ්බට ජනපති කාර්යාලයේ එහෙම එකක් නෑ – එජාප මන්ත්‍රීනි

colombotoday

මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකයි – ටිරාන් අලස්

Admin