Colombo Today Local News

යහපාලන ආණ්ඩුව රුසියාවත් කෝප ගන්වා ගනී… ආණ්ඩුවට එරෙහි මෙහෙයුමක් ගැන මංගලගෙන් රුසියාවට චෝදනා

යහපාලන ආණ්ඩුව රුසියාවත් කෝප ගන්වා ගනී… ආණ්ඩුවට එරෙහි මෙහෙයුමක් ගැන මංගලගෙන් රුසියාවට චෝදනා

ආණ්ඩුවට එරෙහිව අසත්‍ය ප්‍රචාර පැතිරවීම සදහා රුසියානු ආධාර සහිතව පාර්ලිමේන්තු මන්න්‍රී නාමල් රාජපක්ෂ විසින් විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

රුසියාවේ සහ යුක්රේනයේ සිට මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක වන බවත් ඇමතිවරයා කියා සිටී.

කෙසේ වෙතත් මෙම චෝදනාව ප‍්‍රතික්‍ෂෙප කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ පවසන්නේ එවන් උපදෙන් ගැනීමට තමනට උවමනාවක් ඇතැනම් උපදෙස් ගන්නේ ඒ සදහාම ප‍්‍රවීණයෙකු වන ඇමති මංගල සමරවීර මහතාගෙන් බවයි. ඇමති සමරවීර තමන් ඉලක්ක කරමින් සැබෑවටම සිදු කර ඇත්තේ රුසියාවට පහර ගැසීමක් විය හැකි යයිද මන්ත‍්‍රීවරයා තව දුරටත් කියා සිටී.

චීන සමාගමක් මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට මුදල් දුන්නේ යැයි පලවූ වාර්තාවත් සම්බන්ධයෙන් චීන රජය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ප්‍රතිචාර දක්වා සතියක් ඉක්ම යෑමට මත්තෙන් මංගල සමරවීර ඇමතිවරයා විසින් මෙවැනි චෝදනාවක් එල්ල කිරීම විශේෂිතය.

Related posts

ජනපති තටු කපා ETCA අත්සන් කරන්න බලගතු ඇමති තනතුරක්.. අගමැති විශේෂ පනතක් ගෙනෙයි !

colombotoday

මීරිගම දේවස්‍ථානයකට ප්‍රහාරයක්

colombotoday

ආවා කල්ලිය මෙහෙයවන්නේ කොටි ඩයස් පොරාවයි?

colombotoday

එම්.සී.සී ගිවිසුම සම්බන්ධ විද්වත් කමිටුවේ වාර්තාව ජනපතිට

colombotoday

“හිටපු ජනපති මහින්ද ජාතික නායකයෙක්.. නව ව්‍යස්ථාවට ඔහුගේ සහය අත්‍යවශ්‍යයි” – සම්බන්ධන්

colombotoday

ලාංකික තිදරු මවක් සෞදියේදී සමූහ දූෂණයට ලක්වෙයි – රට යවල තියන්නේ මරදානේ ඒජන්සියකින්

colombotoday