Colombo Today Local News

වටරැක බන්ධනාගාරයේ රැදවියන් 58ක් අතුරුදහන්

වටරැක බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටියදී කොළඹ වැඩබිම්වල වෘත්තිය පුහුණුව ලැබූ රැදවියන් මාලඹේ තලාහේන ප්‍රදේශයේ ඊයේ (9)දින විරෝධකරුවන්ට කොටුවීමෙන් පසු රැදවියන් 58 ක් අතුරුදහන් වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බන්ධනාගාරය රැඳවියන්ට වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන යටතේ කොල්ලුපිටිය, රාජගිරිය සහ බත්තරමුල්ල යන ප්‍රදේශවල රැඳවියන් 180 ක් සේවයේ යොදවා තිබූ බවත් ඔවුන් නැවත වටරැක බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේදී මාලඹේ තලාහේන ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට කොටු වී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම රැඳවියන් ‘ගෝටාගෝගම’ට ප්‍රහාර එල්ල කිරීමට යොදවාගත් බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වෙමින් තිබෙන අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව එම චෝදනාව ප්‍රතිකක්ෂේප කරයි.

Related posts

අරාබි ජාතිකයෝ ඉස්ලාමයෙන් ඉවත් වෙති… BBC සමීක්ෂණයකින් හෙළිවෙයි…

colombotoday

සේයා ඝාතන පරීක්ෂණය: පොලිසිය අනාගත්තාද?

colombotoday

මරික්කාර්, මුජිබර්, සාලි මියන්මාර් තානාපති කාර්යාලය වටලා තග දමයි (Video)

colombotoday

“ඉන්ධන හිඟයක් නිසා විදුලි ප්‍රශ්නයක් ඇති වීමට කිසිම හේතුවක් නැහැ.”

colombotoday

ඉන්ෆ්ලුවෙන්සා රට පුරා !

colombotoday

උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සජබ සංවිධායකවරුන්ට වැඩ වරදී?

colombotoday