World

ෆේස්බුක්, වට්සැප් බිඳ වැටීමෙන් ට්විටර් වාර්තාවක් තියයි | සමාජ ජාලා බිඳ වැටීමට හේතුව එළියට

ලොව පුරා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්‍ සහ වට්සැප් යන සමාජ මාධ්‍යය ජාලයන් ඊයේ(04) හදිසි බිඳ වැටීමකට ලක්වූයේ එහි රවුටර් පද්ධතියේ වැරදි සහගත ආකෘති වෙනසක් නිසා බව අනාවරණ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆේස්බුක් සමාගම සතු එම සමාජ මාධ්‍යවල කෝටි 350 ඉක්ම වූ පරිශීලකයින්ට මෙම ජනප්‍රිය මාධ්‍ය වෙබ් අඩවි වෙත පිවිසිය නො හැකි වූ නමුත් පැය 06කට ආසන්න කාලයක් පැවති මෙම බිඳ වැටීම අද(05) අලුයම් කාලයේ යළි සක්‍රිය වී තිබේ.

එම තත්ත්වය හරහා ෆේස්බුක් සමාගමේ කොටස් අගය පහල වැටීමෙන් ඩොලර් බිලියන 5 කට අධික පාඩුවක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙලෙස ලොවපුරා එම සමාජ මාධ්‍ය බිඳවැටීමත් සමග ට්විටර් සමාජ මාධ්‍ය වෙත ආ පරිශීලකයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහල ගොස් තිබේ.

Related posts

චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

colombotoday

වැඩ කරන සතිය දින හතර හමාරට අඩු වෙයි

colombotoday

ට්‍රම්ප්ගේ නියෝගයට පිටුපෑ නීතිපතිනිය ධුරයෙන් නෙරපයි

colombotoday

නවසීලන්තය හදිසිි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ඝනිස්තානයේ ළමුන් ඇතුළු 12ක් මරුට

colombotoday

මැතිවරණයට පසු ජනපති සිරගත කිරීමේ සුදානමක්

colombotoday