අර්ජුන් ඇලෝසියස් දුන් මුදල් ඇතැම්විට ජනාධිපතිවරණයටත් වියදම් වන්නට ඇති බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
මැතිවරණ කාලයට විවිධ පුද්ගලයන් පැමිණ මුදල් දෙන බවත්, එම පුද්ගලයන් එලවා දැමීමට දේශපාලකයන් වශයෙන් හැකියාවක් නැති බවත් හෙතෙම කියා සිටී.
ඒ ආකාරයේ මුදල් ලබා ගත් අය අස් කරන්නේ නම් මුළු රටේම සිටින දේශපාලයන්ට ගෙදර යාමට සිදුවනු ඇතැයිද ඇමතිවරයා කියා සිටී.
උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍යවේදීන් විසින් කරන ලද ප්‍රශ්ණ කිරීම් හමුවේ ඔහු මෙම අදහස් පල කලේය.