Colombo Today Local News

රක්ෂිතවලින් කැපූ ලක්ෂ 5ක වෙනිවැල්ගැට තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවේ

රක්ෂිත කිහිපයකින් කපා මහා පරිමාණයෙන් අලෙවි කිරීම සදහා රහසිගත ලෙස රැස්කර තිබූ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා වෙනිවැල්ගැට කිලෝ 1284 ක් සිය බාරයට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි.

මෙම විශාල වෙනිවැල්ගැට තොගය අත් අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය නාරංඕවිට වෑකඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදීය.

වෙනිවැල්ගැට තොගය සමග එක් සැකකරුවකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු විසින් කාලයක් තිස්සේ මෙම ජාවාරම මහා පරිමාණයෙන් සිදුකර ඇති බව කරන ලද පරීක්ෂණ වලදී හෙළි වූ බවද පොලිසිය කියයි.

සැකකරු අද (09)දින ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

යහපාලනය රන්බිජු දමන කිකිළිය මරන් කයි.. වටිනාකමටත් අඩුවෙන් හම්බන්තොට වරාය චීනයට විකුණයි !

colombotoday

කපුටු ආරක්ෂක ඩීල් සජිත්ගේ මගෝඩි වැඩ පාලිත හෙළි කරයි.

colombotoday

වටවල මවුන්ජින්වත්ත හුදකලා කෙරේ

colombotoday

අගමැති රනිල් ඉල්ලා අස්වෙලා ?

colombotoday

ලංකාවේ අමතර විදුලිය අපනයනය කරන්න සාකච්ඡා කලා

Admin

සුජීව සේනසිංහ බැදුම්කර මගඩි චූදිතයන් වෙනුවෙන නොනැවතී සටනේ (Video)

colombotoday