අනුරාධපුර නගරය ආසන්නයේ පිහිට නිවාඩු නිකේතනයක සඟවා තිබූ කේරළ ගංජා පාර්සල් 200ක් පමණ සොයාගැනීමට පොලීසිය සමත් වී තිබේ.
එහි දළ වටිනාකම රුපියල් කෝටි 5ක් පමණ වන බව පොලීසිය පැවසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවටගෙන තිබේ.
පොලීසිය පැවසුවේ කේරළ ගංජා එම නිවාඩු නිකේතනයේ කාමරයක සඟවා තිබූ බවය.