World

චීන කඳවුරුවල උයිගර් කාන්තාවන් දූෂණ කල බවට චෝදනා

චීනයේ කඳවුරුවල රඳවා ඇති උයිගර් කාන්තාවන් දූෂණයට ලක්කර ඇතැයි යන සිදුවීම් අමෙරිකා සහ බ්‍රිතාන්‍ය රජයන් විසින් හෙළා දැක තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාන්තා රැඳවියන් දූෂණයට, ලිංගික අපයෝජනයට සහ වධහිංසාවලට ලක් කෙරෙන බවට සාක්ෂි සහිතව පසුගියදා මාධ්‍ය වාර්තා මගින් පෙන්වාදී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

උයිගර් කාන්තාවන් සහ සුළු ජාතීන් මිලියනයක පමණ සංඛ්‍යාවක් චීන කඳවුරුවල රඳවා ඇති බව සදහන් වේ.

කෙසේවෙතත් මාධ්‍ය මගින් වාර්තා කරඇති මෙම චෝදනා චීන රජය විසින් ප්‍රතික්ෂේපකර තිබේ.

ඔවුන් පවසන්නේ අමෙරිකාවේ පුවත්පත් මගින් අසත්‍ය තොරතුරු ඉදිරිපත්කර ඇති බවය.

රැඳවියන්ට සියලු පහසුකම් ලබා දෙමින් මානව හිමිකම් පිළිබඳ මාර්ගෝපදේශ තුළ ක්‍රියාකරමින් සිටින බව පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන රජය වැඩිදුරටත් සඳහන්කර තිබේ.

Related posts

මත්ද්‍රව්‍ය සමග ශාරුක් ඛාන්ගේ පුත්‍රයා ඇතුළු දසදෙනෙක් අත් අඩංගුවට

colombotoday

(VIDEO) මගීන් 61ක් සමග ෆ්ලයි ඩුබායි යානය රුසියාවේදී කඩා වැටුණු හැටි

colombotoday

සුඩානයේ හිටපු අගමැති සදික් අල්-මහඩි කොවිඩ් ආසාදනයෙන් මරුමුවට පත්වේ

colombotoday

ඉර්ෆාන් ඛාන් ජීවිත රඟමඩලෙන් බැස යයි

colombotoday

ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය අත්හිටුවයි

colombotoday

පැය 24 තුල ආර්ජන්ටිනාවේ නව රෝගීන් 117ක්

colombotoday