Colombo Today Local News

චීනයේ නිෂ්පදීත සයිහෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලැඹෙන සතියේ මෙරටට

චීනයේ නිෂ්පාදනය කරන සයිහෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලැඹෙන සතියේ මෙරටට ගෙන්වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ එම එන්නත් මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබා ගැනීමට අදාළ ලියකියැවිලි ජාතික ඖෂධ නියාමන අධිකාරියට අද (05) දින භාර දීමට නියමිත බවය.

මෙම එන්නත් තොගය චීනයේ පරිත්‍යාගයක් බවද සභාපතිවරයා සඳහන් කරයි.

ඊට අමතරව ඉන්දියාවේ භාරත් බයෝටෙක් සමාගමේ එන්නත සහ රුසියාවේ ස්පුට්නික් එන්නත සඳහා අනුමැතිය ලබා ගැනීමට අදාළ ලියකියැවිලි ජාතික ඖෂධ නියාමන අධිකාරියට මේ වන විටත් යොමු කර ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර කොවිඩ් මර්දන එන්නතක් වන එංගලන්තයේ නිෂ්පාදනය කර ඇති ‘ෆයිසර්’ එන්නතද මෙරටට ගෙන ඒම සඳාහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටු නියෝජිතයන් හා ‘ෆයිසර්’ එන්නත නිෂ්පාදනය කළ රටේ විශේෂඥවරු සමග ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට කීපයක් පැවැති වූ බව ජාතික ඖෂධ නියාම අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්/ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ සඳහන් කරයි.

මෙම සාකච්ඡාවලදී එන්නතේ ආරක්ෂිත බව, ගුණාත්මක බව හා ක්‍රියාකාරිත්වය යන කුරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

කෙසේ නමුත් අදාළ එන්නත සම්බන්ධයෙන් වූ ලියකියවිලි ජාතික ඖෂධ අධිකාරියේ විශේෂඥ කමිටුව වෙත ඉදිරිපත් කරන මෙන් ඉල්ලීම් කර ඇති බවත් ලියකියවිලි ලැබුණු පසුව ඒවා මුල සිට විශේෂඥ කමිටුව මගින් පරීක්ෂා කර එන්නත මෙරටට ගෙන ඒමට හැකිවන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණයකට එළැඹෙන බව වෛද්‍ය කමල් ජයසිංහ සඳහන් කරයි.

Related posts

වයඹ පළාතටම ඇදිරි නීතිය…

colombotoday

සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

Admin

“ආවා” කල්ලියේ “පොල්” පොලිස් අත්අඩංගුවට

colombotoday

විමල් නිවාස හා සමාජ සුබසාධන ඇමතිකමේ දිවුරුම් දෙයි….

colombotoday

පොලිස්‌ රියට බෝම්බ ගසා 10ක්‌ ඝාතනය කළ කොටියාට නවාතැන් දුන් සිද්ධියේ සැකකරුට නිදහස

colombotoday

පිය පුතු දෙපළගේ රෙදි ගැළවෙයි.. මහ ජාවාරම් තොගයක් මාධ්‍ය හමුවේදී එළියට !

colombotoday