Colombo Today Local News

ග්‍රාමසේවක කෙනෙක් රජ කරල අපට වැරදුණා මහත්තයෝ.. මෛත්‍රීපාල නම වැටිල තියන්නේ වැරදි මිනිහෙකුට

වැඩිවශයෙන් බෞද්ධ වැඩසටහන් ප්‍රචාරය කළ TNL රූපවාහිනි නාලිකාවේ පොල්ගහවෙල සම්ප්‍රේශන කුළුණ අසාධාරණ ලෙස අවහිර කිරීමට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව කටයුතු කිරීමට විරෝධය දැක්වීමක් ලෙස භික්ෂූන්වහන්සේ පිරිසක් ඊයේ (07) උදෑසන එම කොමිෂන් සභාව වෙත වැඩම කර තිබෙනවා.

උන්වහසේලා සිය විරෝධය දැක්වීමට සංදේශයයක් විදුලි සංදේශ නියාමන කොමිසමට ලබා දීමට කටයුතු කළ අතර එම අවස්ථාවේදි TRC අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ආයතන පරීශ්‍රයේ නොසිටි බැවින්, ඔහු හදිසි රැස්වීමක සිටින බව පවසා ස්වාමින් වහන්සේලා ඉදිරිපත් කළ සංදේශය බාර ගැනීම වෙනත් නියෝජිත නිලධාරියෙකු එවා තිබෙන බව දක්නට ලැබුණි.

100කට අධික සංඝයාවහන්සේලා TRC පරීශ්‍රයට පාගමනින් වැඩම කොට මෙම අසාධාරණ අවහිර කිරීමට හේතු කොමිෂන් සභාවේ නිලධාරින්ගෙන් විමසා සිටි අතර එම නිලධාරින් පවසා සිටියේ තමන් වැඩ කරන්නේ යම් සීමාවකට යටත්ව බවයි.

එහිදි අදහස් දැක්වූ අඹන්වල ඥාණාලෝක ස්වාමින්වහන්සේ,

“ඔබතුමාලා ඉන්නේ මොකටද කියන්නකෝ. මේ රටට සේවය කරන්නද මේ රට විනාශ කරන්න ද? රටට සේවය කරන්නද, ජනාධිපතිතුමාට සේවය කරන්නද නැත්නම් වෙන කාටහරි සේවය කරන්නද, මොකටද ඔබතුමලා පත් කරලා ඉන්නේ. සෝභිත හාමුදුරුවෝ අපිට කිව්වේ මොකද්ද දන්නවාද මහත්තයෝ සත්‍ය වෙනුවෙන් පෙනි හිටින්න කියලා. නිවැරැදි බව වෙනුවෙන් පෙනි හිටින්න කියලා. අපි ජනාධිපතිතුමාගේ මල්ලිට කිව්වේ නෑනේ කොහේ හරි යන මිනිහෙක්ගෙන් පොරෝ පාර කන්න කියලා. ජනාධිපතිතුමාගේ මල්ලිව ටෙලිකොම් එකේ සභාපති කරන්න කියලා කිව්වේ නෑනේ මහත්තයෝ සෝභිත හාමුදුරුවෝ. වැව් ඉස්මත්තේ හෝටල් හදන්න කියලා කිව්වාද එයාගේ දුවට? එයාගේ පුතාට කිව්වාද මේ රටේ මිනිස්සුගෙන් කප්පම් ගන්න කියලා. එයාගේ මල්ලිට කිව්වාද සෝභිත හාමුදුරුවෝ කප්පම් ගන්න කියලා. කිව්වේ නෑනේ. සෝභිත හාමුදුරුවෝ හොල්මන් කරනවා මේ ඔලුවේ. රෑට නිදා ගන්න දෙන්නේ නෑ. මේ හාමුදුරුවෝ ඔක්කෝටම එහෙමයි. ඔබතුමාලව බය කරන්නේ නැද්ද? ඔබතුමාලගේ ජනාධිපතිතුමාව බය කරනවා නේ. හාමුදුරුවෝ කියන්නේ සිංහයෝ සිංහයෝ තණකොළ කන්නේ නෑ. මාධ්‍ය ආයතන මහත්වරුණි අපි මේ ඔබතුමාලා වෙනුවෙන් පෙනි හිටින්නේ. ඇතුගල පෙරලපු අපිට මේ මෛත්‍රිපාල සිරිසේන කියන්නේ මොකද්ද? ඔය මෛත්‍රීපාල කියන නම ඉස්පිරිතාලෙදි වැරදිලා දාලා තියෙන්නේ. මෛත්‍රිපාල නම් මෛත්‍රිය තියෙන්න එපැයි. ඉස්පිරිතාලෙදි උප්පැන්නේ මාරු වෙලා. වෙන මිනිහෙකුට දාපු එකක් මේ මිනිහට වැටුණා. මිනිහෙක් වුණාම මහත්තයෝ කෙලෙහි ගුණ තියෙන්න එපැයි. මේ ෆොටෝ එකේ ඉන්න මිනිහට කියන්න මහත්තයෝ ඔය හිනාව අව්‍යාජ වෙන්න ඕන කියලා. ස්වභාවිකවම එන හිනාවක් දාන්න කියන්න. මේ ග්‍රාමසේවක කෙනෙක් රජ කරලා අපි වරද්ද ගත්තා මහත්තයෝ. මහින්ද රාජපක්ෂ මේ වැඩේ කළා නම් අපි කම්පා වෙන්නේ නෑ” උන්වහන්සේ මෙහිදි පවසා සිටියා.

[fbvideo link=”https://www.facebook.com/chaturanga.dealwis/videos/10215449766455914/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

මාවනැල්ලේ බුදු පිළිම වහන්සේට පහරදුන් ස්ථානයට ඥානසාර හිමි වඩිති. – Video

colombotoday

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක සමන් වීරමන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

දූෂණයට එරෙහි නාගනන්ද කොඩිතුවක්කුට එරෙහිව අල්ලස් නඩුවක්

colombotoday

පළාත් රැසකට අද වැසි

colombotoday

ඩොලර් හිඟමනේ යාමට අවශ්‍ය නැහැ ‘පැන්ඩොරා‘ හෙළි කළ ඩොලර් වහාම රටට ගෙන එන්න

colombotoday

නිව් ඩයමන්ඩ් නෞකාව යළි ඇවිලේ

colombotoday