Colombo Today Local News

ඇලෝසියස් හා රාජපක්ෂලා අතර ඇති සම්බන්ධය ඇමති පී. හැරිසන් හෙළිකරයි…

අර්ජුන ඇලෝසියස් පසුගිය අවුරුදු 10-15 ක කාලයක පමණක සිට වැඩි වශයෙන්ම කාලය ගත කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ දරුවන් සමග බවත් හෘද සාක්ෂියට එකඟව ඔහුගෙන් මුදල් ගත්තේ කවුරුන්ද යන්න ගැන එලෙස මුදල් ගත් පුද්ගලයින්ම දන්නා බව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කර සිටිනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ කථානායකවරයා විසින් බැදුම්කර වංචාව යටතේ අර්ජුන ඇලෝසියස් ගෙන් මුදල් ලබා ගත් අය කවුරුන්ද යන්න ගැන සදහන් වාර්තාව හෙලිකල යුතු බවයි.

ඇමතිවරයා අර්ජුන ඇලෝසියස් ගෙන් මුදල් ගත්තාද යන්න ගැන මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර, එහිදී ඔහු කියා සිටියේ තමන්ට කිසිවෙකු මුදල් දීමට ඉදිරිපත් නොවූ බවත් එමෙන්ම තමන් කිසිවෙකු ගෙන් මුදල් ලබා ගත්තේද නැති බවයි.

Related posts

ජනපති මෛත්‍රී ඉන්දියාවට විරෝධය පායි.. සාම්පූර් බලාගාරය නවතී.. ගල් අගුරු වෙනුවට ද්‍රව බලාගාරයක්

colombotoday

උලෙමා සභාවේ ලොක්කා බොදු බලේ ගැන බොරු ප්‍රකාශ සිදුකර පාර්ලිමේන්තු කමිටුව නොමග යවනවා

colombotoday

පොහොට්ටුව පළාත් සභා මැතිවරණ ඡන්දයේ අපේක්‍ෂක අයදුම්පත් කැඳවයි

Admin

ඖෂධ අධිකාරියේ විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නෙරපයි

Admin

අල්ලස් ලබාගෙන කොටු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයා

Admin

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවේ

colombotoday