Colombo Today Local News

‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය පල්ලමට කඩාගෙන යන වාහනයක් වගෙයි.’

රටේ ආර්ථිකය එක රැයකින් උඩට ගත නොහැකි බවත් ඒ සඳහා කාලයක් අවශ්‍ය බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය පල්ලමට කඩාගෙන යන වාහනයක් වගෙයි.මුලින්ම කරන්න ඕන මොනම හරි ක්‍රමයක් දාලා පල්ලෙහාට යන එක නතර කරගන්න එකයි.ඊට පස්සේ පුළුවන් ඒක උඩට ගන්න ” යැයි මහ බැංකු අධිපතිවරයා කියයි.

මේ සියලු දේ කිරීමට රටේ දේශපාලන සහ සමාජ ස්ථාවරතාවය පැවතිය යුතු බව පැවසූ වීරසිංහ මහතා අස්ථාවර රටකට ණය හෝ වෙනත් ආධාර ලබාදීමට කිසිදු රටක් ඉදිරිපත් නොවන බවද සඳහන් කරයි.

රටේ ආර්ථිකය ඉහළ නැංවීමට දැනටමත් පියවර රැසක් ගෙන ඇතැයිද ඔහු පවසයි.

මේ කටයුතු කිරීමට තමාට කැබිනට් බලතල අවශ්‍ය නැතැයි පැවසූ හෙතෙම මහ බැංකු අධිපතිවරයා ලෙස අවශ්‍ය තීන්දු තීරණ ගෙන කටයුතු කිරීමට අවශ්‍ය බලතල පවතින බවද වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

ඉන්දියානුවන්ට දොර ඇරියොත් රටම අනාථයි – ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානයෙන් නිවේදනයක්

colombotoday

අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 15 ක් අත්අඩංගුවට…

colombotoday

භූමදානය දෙන්න හදන බෝර්න් එගෙන් කල්ලියට යටවුනු හොර කොවිඩ් කමිටුව අහෝසි කරන්න.

colombotoday

බැඳුම්කර මගඩියේ පිරිසකගේ වැඩ තහනම්

Admin

ගෝඨාභයට විරුද්දව රනිල් සහ මර්වින් මිනී මැරුම් සාක්‍ෂි හදයි

colombotoday

පාස්කු කොමිසමේ වැඩපිළිවෙළ ගැන සතුටුයි – කොළඹ අගරදගුරු

colombotoday