මේ මාසය තුළදී ඉන්ධන මෙට්රික් දෙලක්ෂ හැට පන් දහසක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ යටතේ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමට ද අපේක්ෂා කරන බවයි එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පවසන්නේ.
මේ දිනවල ඉන්ධන පරිභෝජනය සීඝ්රයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය.