Colombo Today Local News

විජයග්‍රහණයේ පෙළපාලිය අවලංගු කිරීම ආණ්ඩුවේ නිවටකමක් !

යුද ජයග්‍රහණය සැමරීමේ විජයග්‍රහණයේ පෙළපාලිය අවලංගු කර දැමීම වත්මන් ආණ්ඩුවේ නිවටකමක් බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

මැයි 18 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් යුද්ධයේදී මියගිය දෙමළ ජනතාව සැමරීම සදහා උතුරු පළාත් සභාව සම්මතකරගත් යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි හෙතෙම මේ බව කියා සිටියේ.

මේ අතර අතුරුදන්වූවන්ගේ කාර්යලය මගින් ප්‍රාදේශීය මට්ටමින් ජනතා අදහස් වීමසිම ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන සරත් වීරසේකර මහතා සදහන් කළේ, එම කාර්යාලයට සාක්ෂි අඥා පනතට පටහැනිව වීඩියෝ සාක්ෂි ගැනීමේ අයිතිය හිමිවන බවයි.

මෙමගින් බොරු සාක්ෂි ඉදිරිපත්කොට රණ විරුවන් අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයකට හෝ විදෙස් රටකට බාරදිය හැකි මට්ටමේ ප්‍රතිපදන සලසා ඇති බවද හෙතෙම සදහන් කළේය.

Related posts

ජපානයෙන් ධීවරයන්ට ලොකු තෑග්ගක් – ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය

Admin

ජනපතිට සහ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකට භාරදෙයි

colombotoday

අද පැය 13ක් විදුලිය නැහැ… පාන්දරටත් අදුරේ

colombotoday

විජිතපුර පුරාවිද්‍ය භූමිය වනසා ඇත්තේ නිධන් හෑරීමටයි… සජිත් ප්‍රේමදාසට චෝදනා

colombotoday

ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට – විදේශිකයෙකුත් ඒ අතර

Admin

ලොව පුරා කොරෝනා මරණ 40,000 ඉක්මවයි

colombotoday