Colombo Today Local News

රණවිරු සේවා අධිකාරියේ සභාපතිගේ පුද්ගලික අනුග්‍රහයෙන් කල්මුණේ රණව්රු දරුවකුට ලැප්ටොප් යන්ත්‍රයක්

ක්‍රියාන්විතයේ දී ආබාධිත තත්ත්වයට පත් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ ඒ.ල්. අස්රෆ්
රණවිරුවාගේ උසස් අධ්‍යාපනය ලබන ඒ.ල් මුස්තාක් අහමඩ් පුතනුවන් විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඹහුගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ පුද්ගලික අනූග්‍රාහකත්වයෙන් යුතුව එම රණව්රු දරුවා සඳහා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අද දින රණව්රු සේවා අධිකාරියේ දී පැවැත්වීය.

අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේ උසස් තාක්ෂණික විද්‍යාලයට අනුයුක්තව කෘෂිකාර්මික තාක්ෂණවේදය පිළිබඳ උසස් ඩිප්ලෝමාව හදාරන මෙම රණවිරු දරුවා සදහා අවශ්‍ය අධ්‍යාපනික අත්වැලක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබීය.

රණව්රු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, ශිෂ්‍යත්ව අංශ ප්‍රධානී, සුරේඛා ප්‍රනාන්දු මහත්මිය සහ රණව්රු පවුලේ සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගි විය.

Related posts

අසාත් සාලිගෙන් සජිත්ට සුබ පැතුම්

colombotoday

“ආගමික සහජීවනය ඇති කරන්න නම් හංගන්න ඕන අසාද් සාලි“ – අධිකරණ ඇමති

colombotoday

විල්පත්තුවේ මුවන් මැරූ 7ක් හිරේ

colombotoday

කොරෝනා ආසාධිත සංක්‍යාව 197 දක්වා ඉහලට

colombotoday

ICBT Campus හී TEVEC ලියාපදිංචිය කල් ඉකුත්වේ.- අප්‍රේල් සිට පාඨමාලා පැවැත්වීමට TEVEC අවසරයක් නෑ – Updated

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday