Colombo Today Local News

උත්සව සමයේ අඩු මිලට දෙන්න සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ආනයනයට පියවර

උත්සව සමයේ අඩු මිලට සහල් සැපයීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ආනයනයට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍යංශය පවසයි.

ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා මෙරටට අනායනය කෙරෙන මෙම සහල් සතොස අලෙවිසැල් හරහා සහන මිලට ජනතාව වෙත බෙදා හැරීමට නියමිතයි.

ඒ යටතේ සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් මේ සති අන්තයේදි දිවයිනට ලැබෙනු ඇති.

ඉන්දීය ණය පහසුකම් යටතේ මෙම සහල් දිවයිනට ආනයනය කරන බව ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා සඳහන් කරයි.

පොන්නි සම්බා,පොන්නි නාඩු හා සුදු කැකුළු සහල් එලෙස ආනයනය කෙරෙන අතර පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 130 කටත් සෙසු සහල් වර්ග රුපියල් 110 ක මිළකටත් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වෙළඳ අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

Related posts

2026 විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට

Admin

ලන්ඩන් කොටින්ට ශ්‍රී ලාංකිය අභිමානය පෙන්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක වෙස්ට්මිනිස්ටර් අධිකරණය වරදකරු කරයි

colombotoday

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

හිස්බුල්ලා අල් ටකියාව පාවිච්චි කර ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලයි

colombotoday

නාම යොජනා බාර ගැනීම ඇරැඹේ !

colombotoday

“කොළඹ ලෝකයට ගෙනියන්න නයිට් රේස් හොඳ අවස්ථාවක්” රේස් ගැන දන්න කප් ගහපු කෙනෙක් කියන කතාව

colombotoday