Colombo Today Local News

මන්ත්‍රීවරුන්ට අළුත් වාහන ඕන.. වැයවෙන්නේ ඉතා සුළු මුදලයි

mahinda sb

ලබාදිය යුත්තේ සුඛෝපභෝගී වාහනද අර්ධ සුඛොපභෝගී වාහනද යන්න ගැන තමාට ඒ හැටි අව‍බෝධයක් නොමැති බවත් කෙසේවුවත් පැරණි වාහන වෙනුවට නව වාහන ලබාදීම සුදුසු බවත් ඒ සඳහා වැයවන්නේ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් ඉතා සුළු ප්‍රමාණයක් බවත් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහන ලබාදීම පිළිබඳව පෙරේදා (09) මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වර්තමාන ආණ්ඩුව ජනතාවට සහන සලසන බව කීවද එය ඉටු නොවන බව සඳහන් කරමින් මාධ්‍යවේදියෙකු නැගූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියාසිටියේ පසුගිය අයවැයෙන් රජය විශාල ලෙස පඩි වැඩි කිරීමක් ද දිවිනැගුම සමෘද්ධි සහනාධාරය වැඩි කිරීමක් ද ඔස්සේ ජනතාවට සහන ඇතිකළ අතර මේ වනවිට රටට විශාල වශයෙන් ණය ගෙවීමට ඇති නිසා ඒවා පියවා ගැනීමට කිසියම් ලෙසකට බදු හරහා ප්‍රධාන වශයෙන් මුදල් උපයා ගැනීමට සිදුවන බවත් ය.

රජයක් වූ විට විවිධ ආර්ථික අර්බුදයන්ට මුහුණ දීමට සිදුවන බව පැවසූ අමාත්‍යවරයා මේ වනවිට චීනය ඇතුළු ආසියාතික රටවල් මුහුණපාමින් සිටින තාවකාලික ආර්ථික අර්බුදයන්ට ශ්‍රී ලංකාව ද මුහුණ දෙමින් සිටින බවත් ඒවා ඉක්මනින්ම විසදෙනු ඇති බවත් වැඩිදුරටත් කියාසිටියේ ය.

මහනුවර – කමල් සුරවීර

Related posts

මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්

colombotoday

ව්‍යවස්ථාදායක සභාවට බිමල් රත්නායක නම්කරයි…

colombotoday

පෞද්ගලික බස් ධාවනය පහතට

colombotoday

සුපිරි කැසිනෝවත් අරන් ජේම්ස් පැකර් නැවත එයි!

colombotoday

“ආවා“ කල්ලියට අරමුදල්, අත හිත නෝර්වෙන්

colombotoday

විල්පත්තුවේ වන විනාශය පූක්කුලමෙන් යලි පටන් ගනියි

colombotoday