Colombo Today Local News

මහින්ද අකමැති, විමල්ලා, ගම්මන්පිලලා කැමති සැලැස්මක් ගැන කුමාර් ගුණරත්නම් කියයි

ඒකාබද්ධ විපක්ෂයේ මීළග ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදයක් පවතින බව පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් පවසයි.

“රාජපක්ෂ මහත්තයා අර්බුදයෙන් ගොඩ ගිහිල්ලාද? නෑ. 44%ක් ඡන්ද ආවට එයාත් ඉන්නේ අර්බුදයක. ඒ නිසාම තමයි එයා මහ ඡන්දයක් ඉල්ලන්නේ. ඇයි? ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නෑ. එයාට ඉල්ලන්න බෑ. ගෝඨා ඉල්ලනවට විරුද්ධ එක්කෙනෙක් තමයි මහින්ද. එයා හිතන්නේ තමන්ගෙන් පස්සේ නාමල්ට බලය එන්න ඕන කියලා. ගෝඨා ගේන්න පුළුවන්ද කියලා ප‍්‍රශ්නයක් තියෙනවා. පක්ෂය ඇතුළේ අය අකමැතියි. මහින්ද අකමැතියි. විමල්ලා, ගම්මන්පිලලා නම් කැමතියි. නමුත් අනෙක් අය කැමති නෑ. ඒ සැලැස්ම තාමත් තියෙන්නේ අර්බුදයක.”

යැයි හෙතෙම කියා සිටියේ ඊයේ (01) පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙ මැයි රැළිය අමතමිනි.

ලෝකයම වෙසක් පොහොය මැයි මාසයේ සමරද්දී ආණ්ඩුව වෙසක් දිනය පෙරට ගෙන ආවේ ආණ්ඩුව මුහුණ දී සිටින අර්බුධ යටපත් කිරීමට බවත්. ආණ්ඩුව හෝ වෙනත් පාර්ශවවලට අවශ්‍ය පරිදි මැයි දිනය සැමරීම තමන් කල් නොදමනා බවත් ඔහු එහිදී කියා සිටියේ ය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1932146726845576/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කළ මුදල මදි

colombotoday

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරමින් සිටිනවා. අවම වයස 18 කරනවා. | අධිකරණ ඇමති අලි සබ්‍රි කියයි

colombotoday

එජාප මන්ත්‍රීලා අවි අමෝරයි.. ශ්‍රීලනිප ඇමතිලාගේ පරණ ෆයිල් එළියට අදී !

colombotoday

එජාප වැඩ බලන මහ ලේකම් ධුරයට හිටපු විපක්ෂ නායකයෙක්

colombotoday

මන්ත්‍රී ප්‍රේමලාල් ඇප මත නිදහස්

colombotoday

ඔන්ලයින් බිස්නස්වල වාණිජ නීති රාමුව ශක්තිමත් කිරීමට අවධානය

colombotoday