Colombo Today Local News

ජනපති වියානා ඇලට වැට බඳී

පසුගිය කාලසීමාව තුළ සිදුවූ අනතුරු සැලකිල්ලට ගනිමින් වියානා ඇළට වහාම ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

ඒ සදහා වැය වෙතැයි අපේක්‍ෂිත රුපියල් මිලියන 26ක මුදල කඩිනමින් නිදහස් කිරීමට ද ජනාධිපතිතුමා තීරණය කර ඇති බව සදහන් ය.

වියානා ඇලේ ආරක්‍ෂිත වැටක් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලසීමාව තුළ අනතුරු කිහිපයක් සිදු විය.

ඊට ආසන්නතම හේතුව වාර්තා වූයේ ඊයේ(26) අලුයම උපකාර පන්ති ගුරුවරයෙකු පැද වූ සුඛෝපභෝගී ජිප් රථයක් වියානි ඇළට පෙරලීමත් සමගය. එම මෝටර් රථයේ සිටි උපකාරක පන්ති ගුරුවරයා සොයා අද(27) දිනයේ දී මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පැවසීය.

Related posts

මහින්ද වසර දහයකින් කළාට වඩා සජිත් මාස දහයකින් කළා

colombotoday

උදේ පාන්දර රහස් පොලිසිය කඩා පනී.. ඇලෝසියස්-පලිසේන අත්අඩංගුවට ගනී

colombotoday

ඉන්දියාවට දුන් තෙල් ටැංකිවලට සත පහක්වත් ගෙවා නෑ..!!

colombotoday

“ආණ්ඩුව හොඳටම කරන එකම දෙය රටේ තීන්ත ඉවර වෙනතුරු මුදල් අච්චු ගැසීම”

colombotoday

ඉන්දියාවේ ධාවනයෙන් ඉවත් කෙරෙන දුම්රිය එන්ජින් 23ක් මෙරටට

Admin

“සජිත් ජනාධිපති වුණොත් මෛත්‍රීපාලට අගමැතිකම දෙන්නෑ“ – මරික්කාර්

colombotoday