Colombo Today Local News

පෞද්ගලික බස්රථ හිමියන්ට සහනයක්

පෞද්ගලික බස් රථ සඳහා දෙසැම්බර් මස මුල් සති දෙක ගත වෙන තෙක් ලොග් ෂීට් හා පිවිසුම් පත්‍ර සඳහා ගාස්තු අය නොකරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කොළඹදී අද(01)දින පැවසීය.

කොවීඞ් වසංගත තත්ත්වය හේතුවෙන් පෞද්ගලික බස්රථ හිමියන් සඳහා ලබා දිය හැකි සහන පිළිබඳව සියළු අංශ සමග සාකච්ඡා කොට ස්ථිර විසඳුමකට පැමිණෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.කොවිඞ් වසංගතය තත්ත්වය හේතුවෙන් පෞද්ගලික බස්රථ හිමියන් මහුණ දෙන ගැටළු පිළිබඳ ප්‍රවාහන අමාතයාංශයේදී කැඳවු සාකච්ඡාවකදි ඔහු මේ බව පැවසීය.

බලපත්‍ර සම්බන්ධයෙන් අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ඉවත් කරවා ගැනීම, ලොග් සීට් සහ පිවිසුම් පත්‍ර සඳහා සහන කාලයක් ලබා ගැනීම, පළාත් සභාවලින් අයකරනු ලබන වෙනත් ගාස්තු සම්බන්ධව සහන ලබා ගැනීම, සියළුම පළාත් සභාවල අයකරන ගාස්තු සඳහා එකම ක්‍රමවේදයක් සැකසීම යන කරුණු පිළිබඳ මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන බවද ලොකුගේ මහතා සඳහන් කළේය.

එමෙන්ම එක් එක් පළාත් සභාවලින් එක් එක් කාරණා සඳහා අයකරන ගාස්තුවල පවතින විෂමතාවය සම්බන්ධයෙන් වූ ගැටළුව ද එහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු විය.

පළාත් නමයේම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල අදහස් හා යෝජනා ඇතුළත් කෙටුම්පතක් හැකි ඉක්මණින් ලබා දීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල සභාපතිවරුන් හා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම්වල නියෝජිතයෝ ද මේ අවස්ථාවට සහභාගී වූහ.

Related posts

උත්සව සමයේ ආහාර පරීක්ශාවට වැටලීම්

Admin

රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග. රහස් පොලිසිය රාජිතගේ නිවසට

colombotoday

ආපු ගමන් බෑ-සමන්ත විද්‍යාරත්න

Admin

අටුලුගම සංචරණයන් සෙවීමට හෙලිකොප්ටර් යානා

colombotoday

මත්පෙති 700 ක් සමග අයෙක් යටදොළදී පොලිස් භාරයට.

colombotoday

බදුයුදීන්ගේ ගෙදර තරුණියෝ 11 ක් කෘරත්වයට. – ඇතැමුන්ට ලිංගික අතවර. තවත් තරුණියක් දුම්රියට පැන දිවි නසාගෙන.

colombotoday