Colombo Today Local News

විශ්‍රාම ගිය මැති ඇමැතිවරු බදු නැති වාහන ඉල්ලති

විශ්‍රාමික පාර්ලිමේන්තු මැති-ඇමැතිවරුන්ට තම පාවිච්චිය සඳහා බදුවලින් නිදහස් සාමාන්‍ය තත්ත්වයේ වාහනයක් ආනයනය කර ගැනීමට පහසුකම් සලසා දෙන්නැයි ඉල්ලමින් විශ්‍රාම ගොස් සිටින තුන්සියයක් පමණ වූ හිටපු මැති-ඇමැතින් පිරිසකගේ අස්සනින් යුතු ලිපියක් කතානායකවරයා වෙත භාර දී තිබේ.

එම මන්ත්‍රි පිරිස ඉල්ලා සිටින්නේ සී.සී. 2500-3000ත් අතර ධාරිතාවක් ඇති වාහනයක් ගෙන්වා .ගැනීමට අවසර ලබාදෙන ලෙසයි. එසේ ඉල්ලීම් කර ඇති විශ්‍රාමික මන්ත්‍රිවරුන් කිහිපදෙනකු පැවැසුවේ විශ්‍රාම ගොස් සිටින මන්ත්‍රිවරුන් වෙනුවෙන් දැනට මාස කිහිපයකට පෙර කතානායක විසින් පැවැත්වූ භෝජන සංග්‍රහයකින් අනතුරුව මේ ඉල්ලීම ඉදිරිපත් කර ඇතත් මෙතෙක් එයට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවයි.

විශේෂයෙන් දැනට වයස්ගතව සිටින එහෙත් තවමත් දේශපාලන කටයුතුවල යෙදී සිටින එම මන්ත්‍රි පිරිසට එම ගමන් බිමන් යෑමට පහසුවක් ලෙස මේ ඉල්ලීම ඉටුකර දෙන්නැයි ඔවුහු කතානායකගෙන් ඉල්ලා සිටිති. ආර්ථික අතින් දුර්වල විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ජීවත්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් කරුණා සහගත දීමනාවක් ලෙස එකවර ලක්‍ෂ කිහිපයක මුදලක් ලබාදීමේ ක්‍රමයක්ද පැවැතිණි.

-මව්බිම.

Related posts

කුරැන්දි ස්ථූපය කඩා ඉවත් කිරීමට අධිකරණය දී තිබූ තින්දුව අහොසි කරයි.

colombotoday

එක එක්කෙනා කෑ ගහපු පලිඅයට පාස්කු වාර්තාව එළියට දාන්නේ නෑ

Admin

මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක

colombotoday

මුදල් පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මතයි

colombotoday

බුර්කාවක් හැඳගත් කාන්තාවට ජනතා විරෝදය. පොලිසියත් මැදිහත් වේ

colombotoday