Colombo Today Local News

ත්‍රීරෝද රථ මීටර් අනිවාර්ය කිරීම අගමැති වෙන්න හීන දකින නිදියන ඇමතිගේ මෝඩ තීරණයක් !

ත්‍රීවිල් මීටර් මාර්ග ආරක්ෂාවට අදාළ වුයේ කෙසේදැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ප‍්‍රශ්න කරයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මෙසේ ප‍්‍රශ්න කර ඇත.

අදාල සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි.

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති මන්දීරය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

ත්‍රීවිල් මීටර් මාර්ග ආරක්ෂාවට අදාළ වුයේ කෙසේ ද?

අද දින සිට ත්‍රීරෝද රථ සඳහා මීටර් අනිවාර්ය කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා කටයුතු කර තිබේ.

වෛද්‍ය සිසිර මෙම කට යුත්ත සිදු කරන්නේ මීටර් ව්‍යාපාර සමඟ සබඳතා ඇති ත්‍රීරෝද රථ සංගම්වල උවමනාව මත බව දෙරණ අලුත් පාර්ලිමේන්තු වැඩ සටහනකට ඔවුන් එකතු වූ අවස්ථාවේ රටේ ජනතාවට ද පැහැදිලි විය.

දැනට තිබෙනා මීටර් පාරිභෝගිකයා රවටා වැඩි පුර දූර වැටෙන ලෙස වෙනස් කිරීමේ හැකියාව හා ඒ සඳහා ප්‍රසිද්ධ ව්‍යාපාර තිබේ. ඇතැම් දුෂ්කර පලාත්වල ත්‍රීරෝද රථ රියදුරන් අය කරන්නේ දුරට නොව අදාළ එක් ගමනකට ය, මාර්ගයේ පසුබිම අනුව, ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වයට ගැළපෙන ලෙස ය. එම නිසා සමස්ත ත්‍රීරෝද රථ කර්මාන්තයට ම ත්‍රීවිල් මීටර් අනිවාර්ය කිරීම අගමැති වීමට සිහින දකිමින් නිදියන ඇමතිවරයා ගත් ඉතාමත් මෝඩ තීරණයක් බව අපි දැඩි ලෙස අවධාරණය කර සිටිමු. මීටර් නොමැති ත්‍රීරෝද රථවල යෑමට කිසිවකුට ජනතාවට බල කර නොහැක. එසේ යෑම හෝ නොයෑම රජයේ නියාමනයක් නොව ජනතාවගේ අයිතියකි. මිල නියාමනයක් නොමැතිව හා වෙනස් කෙරූ මීටර් ඇති පසුබිමක මීටර් අනිවාර්ය කිරීම නිසා අවාසිය සිදුවන්නේ ජනතාවටම ය. උක්ත සංගම් සමඟ එක්ව රජය ජනතාවට වෙනුවෙන් එය කරන්නේ නම් ඉස්සෙල්ලාම අනිවාර්ය විය යුත්තේ මීටර් සඳහා පලාත්/ප්‍රදේශ/ගමනාන්තය අනුව ත්‍රීරෝද රථවල මීටර් සඳහා මිල නියාමනයක් ය, මීටර් සඳහා ප්‍රමිතියක් ය.

යහපාලන රජයේ ආයතනයක් වන මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාවේ විෂය පථයට ත්‍රීරෝද රථ මීටර් අනිවාර්ය කිරීම අදාළ වූයේ කෙසේ ද යන්න වහාම රටේ ජනාධිපතිවරයා ලෙස රටේ මහජනතාවට පැහැදිලි කර දෙන ලෙස අපි ඔබෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

යතුරුපැදිකරුවන්ගේ මාර්ග ආරක්ෂාව පිළිබඳව ඍජු කාරනා වලදී ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැතිව, මීටර් කිරීමට උඩ ගෙඩි දෙන ඩීල් කාර ත්‍රීරෝද සංගම් සමඟ එක්ව ලෝකයේ අනාරක්ෂිතම වාහනය ත්‍රීරෝද රථය වෙනුවට ආදේශ කරන වැඩ කටයුත්ත පසුපස ද අවාසනාවකට ඇත්තේ ද මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාවයි.

ව්‍යාපාරික ඩීල් අනුව තීන්දු ගන්නා මුදල් අමාත්‍යාංශයේ ඉන්න පණ්ඩිත නිලධාරීන්ට, දේශපාලන ඩීල් හා ව්‍යාපාරික ඩීල්වලට යටත් නොවන අප සංගමය වෙත විශේෂ ඒකකයක් තුළින් ප්‍රවාහන අමාත්‍යාංශයේ හා රථවාහන පොලිසියේ තීන්දු හා තීරණ ගැනීමේ/වෙනස් කිරීමේ හැකියාව මාස තුනකට භාර දෙන්නේ නම් රටේ මාර්ග අනතුරු 10%-15% අඩු කර පෙන්වීමේ හා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දූෂණය 50% අඩු කර පෙන්වීමේ විද්‍යාත්මක හා සමාජීය දැනුම සහිත සැලැස්මක් හා පිරිසක් අප සංගමයේ මධ්‍යම කමිටුවේ හා බාහිර කමිටුවේ ඇති බව අපි දැනුම් දී සිටිමු. මෙම ඡේදය ඇතමෙකුට විහිළුවක් වනු ඇති නමුත් යථාර්ථය ඔවුන්ට, දූෂණය රජ කරවීමට, යහපාලන රජය විනාශ කිරීමට හා ඔබ වැනි පොදු අපේක්ෂකයකු නැවත රටේ ඇති නොකිරීමට විශාල උවමනාවක් ඇත. ඔබගේ හා අගමැතිවරයාගේ යහපාලනයෙන් නිදහස ලැබුණේ මහජනතාවට හා ඔවුන්ගේ අයිතිවාසිකම්වලට නොව, රජයේ දූෂිත නිලධාරීන්ට හා රටේ සමස්ත දූෂණයට බව මේ ත්‍රීවිල් මීටර් සිද්ධිය ලංකවේ ඉතිහාසයට එක් වන කදිම නිදසුනකි.

මෙයට,
චිරන්ත අමරසිංහ, සභාපති

Related posts

ඉස්ලාම් හැර අනෙකුත් ආගමිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට පකිස්ථානය අපොහොසත් වී ඇත | ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සීලය

colombotoday

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප අපේක්ෂකයා තීරණය කරයි !

colombotoday

ආපදාවෙන් මියගිය ගණන 9 දක්වා ඉහළට.. 38000ක් විපතට පත්වෙයි… මහ වැසි තවදුරටත්

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් ජූලි මාසයේදී දිවයිනට

colombotoday

ආන්දෝලනාත්මක අධිභාර බද්ද පනත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට

colombotoday

බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් සොයා ගනී

colombotoday