Colombo Today Local News

හදිසි සේවක වර්ජනයෙන් ගුවන්තොටුපළ කටයුතු අඩාලයි

කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවකයෝ වැටුප් වැඩිවීම් ඇතුළු  ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් අද (3) වැඩවර්ජනයක් ඇරඹුහ.‍

මේ හේතුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රය අවට දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.

අංශ 21 ක සියලුම සේවක සේවිකාවෝ කටයුතු වලින් බැහැර වී වැඩවර්ජනයට සහභාගී වෙති.

එක් සේවකයකුට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවට වු ඉල්ලීම විෂයභාර ඇමැතිවරයාට ඉදිරිපත් කළ විට එය ඉරා කුණූ කූඩයට දැමීම මෙම විරෝධතාවයට ප්‍රධානම හේතුව වේ.

මේ නිසා ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරක්ෂාව තර කර පොලිස් කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවා  තිබේ.

මෙම උද්ඝෝෂණය සඳහා කටුනායක , මත්තල, රත්මලාන ඇතුළු සියලුම අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ අත්තිඩිය සම්ප්‍රේෂණ හුවමාරු මධ්‍යස්ථානය මෙන්ම , පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයින් ද ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී මෙම වැඩ වර්ජනයට සහභාගී වී සිටිති.

Related posts

රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට තීරණයක්

colombotoday

වැඩබැරියාව ජාතිවාදයෙන් වහගන්න බැරිවෙයි.. විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංගයක් !

colombotoday

හම්බන්තොටින් අක්කර 1000ක් චීනයට !

colombotoday

යල කන්නය සඳහා දේශීය පොහොර මිල දී ගැනීමට අනුමැතිය

colombotoday

නාවලපිටියේ අය වැය වැඩි ඡන්ද 12කින් සම්මතයි

Admin

විල්පත්තුව අවසන් හුස්ම හෙළයි.. බලධාරීන් මර නින්දේ (Photo)

colombotoday